2025/26 මහ කන්නයේ කුඹුරු ඉඩම්වල වගා කරන ගොවීන්ට පොහොර සඳහා මුල්‍ය සහනාධාරය ලබා දීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
2025 වර්ෂය වෙනුවෙන් පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස රුපියල් මිලියන 33,500 ක් වෙන් කරනු ලැබ ඇති අතර, 2025/26 මහ කන්නයේ වගා කරනු ඇතැයි ඇස්තමේන්තු කර ඇති වී සහ වෙනත් ක්ෂේත්‍ර භෝග සමස්ත බිම් ප්‍රමාණය සැලකිල්ලට ගැනීමේදී පොහොර සඳහා මූල්‍ය සහනාධාරය ලබා දීම පිණිස තවත් රුපියල් බිලියන 05 ක පමණ අතිරේක ප්‍රතිපාදන අවශ්‍ය වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත.
ඒ අනුව, ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුවේ නිර්දේශය මත පදනම්ව පොහොර සඳහා මූල්‍ය සහනාධාර ගෙවීම පිණිස රුපියල් බිලියන 05 ක අතිරේක ප්‍රතිපාදන සලසා ගැනීම සඳහා කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.