Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ලෝක රන් මිල ඩොලර් 4,000 පනී – මෙරට රන් මිල යළි ඉහළට
    Featured

    ලෝක රන් මිල ඩොලර් 4,000 පනී – මෙරට රන් මිල යළි ඉහළට

    By LFNOctober 8, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉතිහාසයේ ප්‍රථම වරට ලෝක වෙළෙඳපොළේ රන් අවුන්සයක මිල අද ඩොලර් 4,000 සීමාව ඉක්මවා ගොස් තිබේ.

    ඒ අනුව ස්පොට් රන් අවුන්සයක මිල ඩොලර් 4,011.18ක් ලෙස දැක්වුණි.

    මේ අතර අද (08) දිනයේ මෙරට රන් මිල ද රු 6,000කින් ඉහළ ගොස් ඇතැයි වෙළෙඳපොළ දත්ත පෙන්වා දෙයි.

    ඒ අනුව ඊයේ දිනයේ රු 290,500ක්ව පැවති කැරට් 22 රන් පවුමක මිල අද දිනයේ රු 296,000 දක්වා ඉහළ ගොස් ඇත.

    මේ අතර, ඊයේ (07) දිනයේ 314,000ක්ව පැවති කැරට් 24 රන් පවුමක මිල අද රු 320,000ක් දක්වා ඉහළ ගොස් තිබේ.

    ලෝකයේ වඩාත් ප්‍රකට ක්‍රිප්ටෝ විනිමය වන බිට්කොයින් 1ක අගය ප්‍රථම වතාවට ඩොලර් 125,000 ඉක්මවුයේ පසුගිය සතියේය.

    රන්මිල මේවන විට ඉහළ යන්නේ 1970 දශකයෙන් පස්සේ වේගවත්ම වර්ධනය සලකුණු කරමිනි

    මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට මේ දක්වා රත්‍රං මිල 50%කින් පමණ ඉහළ ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

    සුරක්ෂිත ආයෝජන මෙවලමක් විදියට සැලකෙන රන් මිල 2018 අවසානයේ සිට මේ දක්වා 300%කින් පමණ ඉහළ ගොස් තිබේ.

    ජනපති ට්‍රම්ප්ගේ තීරුබදු යුද්ධය සමග ලොව පුරා පැනනැගී ඇති ආර්ථික අවිනිශ්චිතව මේ තත්ත්වය තවදුරටත් වැඩිදියුණු කර තිබේ.

    අමෙරිකානු භාණ්ඩාගාර බිල්පත්වල අනාගත ශක්‍යතාව ගැන විතරක් නොව ලෝකයේ සංචිත විනිමය ලෙසද අමෙරිකානු ඩොලරය පිළිබඳව මේ වනවිට ආයෝජකයින් සැක පළකිරීමට පටන් ගෙන ඇත.

    යුක්‍රේන යුද්ධය සහ ගාසා යුද්ධයත් මේ භූදේශපාලනික උණුසුම තවදුරටත් ඉහළ නංවා ඇති බව නොරහසකි.

    අමෙරිකානු ඩොලරයට විකල්ප ලෙස සැලකෙන රන් සහ බිට්කොයින් වටිනාකම් ඉහළයාමට හේතු වී ඇති ආසන්නතම කරුණක් තමයි වියදම් කෙටුම්පත සම්මත කරගැනීමට නොහැකි වීම නිසා අමෙරිකානු රජයේ ක්‍රියාකාරකම් සීමා කිරීම එසේත් නොමැති නම් අමෙරිකානු රජයේ ෂට්ඩවුන් (Shutdown)එක ලෙස හැඳින්විය හැකියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.