Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි

    February 14, 2026

    IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට

    February 14, 2026

    ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් උපකාර

    February 14, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්
    Featured

    සූකර උණ පැතිරීම වැළැක්වීමට අති විශේෂ ගැසට් නිවේදනයක්

    By LFNOctober 8, 2025No Comments2 Mins Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පසුගිය මාස කිහිපය තුළ මෙරට විවිධ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල පැතිර ගිය අප්‍රිකානු සූකර උණ රෝගය තවදුරටත් පැතිරීම වැළැක්වීමේ අරමුණින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය විසින් මෙම ගැසට් නිවේදනයක් නිවේදනය නිකුත් කර ඇත.

    ඒ අනුව ශ්‍රී ලංකාවේ සියලුම දිස්ත්‍රික්ක 1992 අංක 59 දරන සත්ත්ව රෝග පනත යටතේ, අප්‍රිකානු සූකර උණ රෝගය සඳහා අවදානම් ප්‍රදේශයන් ලෙස ද, ඌරන් රෝග අවදානම් සතුන් ලෙස ද, මෙම ගැසට් නිවේදනයෙන් තවදුරටත් ප්‍රකාශයට පත් කර තිබේ.

    අදාළ ගැසට් පත්‍රය ඔක්තෝබර් මස 3 වන දින සිට ක්‍රියාත්මක වන අතර, කලින් ඉවත් කළහොත් මිස හෝ එම පනතේ 5(3) වගන්තිය අනුව වලංගු කාලය දීර්ඝ කළහොත් මිස ක්‍රියාත්මක වන දින සිට මාස 03කට නොවැඩි කාලයක් සඳහා වලංගු වන අතර, රෝග තත්ත්වය අනුව කාලය දීර්ඝ කිරීමේ හැකියාව ඇති බව ගැසට් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් ය.

    සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරිය අදාළ ගැසට් නිවේදනය මඟින් සූකර උණ රෝගය අවදානම් ප්‍රදේශයන්ට සීමාකිරීමට හා පැතිරීම වැළැක්වීම සඳහා පහත සඳහන් ක්‍රියා හා කටයුතු තහනම් කර තිබේ.

    සත්ත්ව රෝග පනතේ 5 (4) වගන්තිය යටතේ සියලුම අවදානම් සහිත ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හෝ රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, 1999 දෙසැම්බර් 03 දින අංක 1108/23 දරන ගැසට් පත්‍රයේ පළකරන ලද නියෝගයේ VII ආකෘතියට අනුකූලව කොට්ඨාස භාර පශු වෛද්‍ය නිලධාරිවරයා විසින් නිකුත් කරන ලද අවසර පත්‍රයක් නොමැතිව අවදානම් ප්‍රදේශය තුළ හෝ ඉන් පිටතට ප්‍රවාහනය කිරීම, ඉවත් කිරීම, රැගෙන යාම හෝ පලවා හැරීම.
    ඉහත වගන්තිය ප්‍රකාරව ප්‍රවාහනය සඳහා නිකුත් කළ බලපත්‍රයක් නොමැති ඌරන් මස් පිණිස ඝාතනය කිරීම.
    මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියකුගේ අවසර පත්‍රයක් නොමැතිව ඌරන්, ඌරු මස් සහ එම නිෂ්පාදන හා රෝග කාරකය මගින් අපවිත්‍ර වූ කිසිවක්, විකිණීම, විකිණීමට පාත්‍ර කිරීම, ගබඩා කිරීම හෝ බෙදා හැරීම සහ ඌරු මස්වලින් නිෂ්පාදන සකස් කිරීම.
    අදාළ රෝග හේතුවෙන් මරුමුවට පත්වූවා හෝ ආසාදිත වූවායැයි සැකයට හේතු වූ යම් සතෙකුගේ මළකුණක් හෝ එහි කොටසක් හෝ වෙනත් කිසියම් අවදානමට ලක් වූ ද්‍රව්‍යය අපහරණය කිරීම සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විසින් ලබා දී ඇති මාර්ගෝපදේශයේ සඳහන් උපදෙස්වලට අනුව මිස, ජලය සම්බන්ධ කිසිඳු ස්ථානයකට දැමීම, වෙනත් සතුන් විසින් වෙනත් ස්ථානයකට හෝ ප්‍රදේශයකට හෝ රැගෙන යාමට හැකිවන පරිදි යම් ස්ථානයකට දැමීම හෝ ස්ථානගත කිරීම.
    මෙම නියෝගයේ නම් කරන ලද බලයලත් නිලධාරියෙකු විසින් අනුමත කරන ලද ඝාතකාගාරයක/ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක හැර වෙනත් ඝාතකාගාරයක ගබඩාවක/ මස් සැකසුම් මධ්‍යස්ථානක ඝාතනය කිරීම/ ගබඩා කිරීම/ සකස් කිරීම.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි

    February 14, 2026

    IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට

    February 14, 2026

    ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් උපකාර

    February 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    පවුල් ආරවුලක් හේතුවෙන් සැමියා බිරිඳව ගිනි තබා ඝාතනය කරයි

    February 14, 20260119 Views

    පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් වූ සිද්ධියකින් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කර තිබේ.…

    IMF ප්‍රධානී ක්‍රිස්ටලිනා ජෝර්ජිවා ලබන සඳුදා ශ්‍රී ලංකාවට

    February 14, 2026

    ශිව ලිංග ප්‍රතිමාවක් රැගෙන ගිය බැතිමතුන්ට යුද්ධ හමුදාවෙන් උපකාර

    February 14, 2026

    කස්සප හිමිගේ චෝදනාවට වටගලගෙන් පිළිතුරු

    February 14, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.