Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්
    Featured

    වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

    By LFNOctober 7, 2025No Comments1 Min Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර තිබේ.

    අධිකරණ සේවා කොමිෂන් සභාවේ ලේකම් ප්‍රසන්න අල්විස් මහතා විසින් ඊට අදාළ චක්‍රලේඛය සියලු මහාධිකරණ විනිශ්චයකාරවරුන් වෙත නිකුත් කර ඇති බව වාර්තා වේ.

    විවිධ චෝදනාවලට ලක්වූ විනිසුරුවරුන්ගේ වැඩතහනම් කිරීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පසුගියදා පියවර ගෙන තිබුණි.

    ඒ අනුව එම විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමක් සිදුකළ යුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇත.

    එම අඩ වැටුප් සමග ඔවුන්ට ගෙවිය යුතු දීමනා සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතිකා ඒකාබද්ධතා අමාත්‍යංශයේ විගණන හා කළමනාකරණ කමිටු රැස්වීමේ දී සාකච්ඡාවට භාජනය වී තිබේ.

    එහිදී එම කමිටුව විසින් තීරණය කර ඇත්තේ වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන් සඳහා අඩ වැටුප් ගෙවීමේ දී වෘත්තීය දීමනා, පුද්ගලික දීමනා, ජීවන වියදම් දීමනා සහ භාෂා දීමනා පමණක් අදාළ කරගත යුතු බවය.

    දුරකථන දීමනා, වාහන දීමනා, රියදුරු දීමනා, පොත් දීමනා, ගෙවල් කුලී දීමනා, අභියාචනා දීමනාව සහ ඉන්ධන දීමනාව අදාළ විනිසුරුවරුන්ට නොගෙවිය යුතු බවට විගණන හා කළමනාකරණ කමිටුව විසින් තීරණය කර තිබේ.

    එම තීරණයට අනුව වැඩතහනම් කළ විනිසුරුවරුන් සම්බන්ධයෙන් අඩ වැටුප් ගෙවීම සමග ගෙවිය යුතු දීමනා පිළිබඳව වන චක්‍රලේඛය අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් නිකුත් කර ඇති බව වාර්තා වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 2025

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,410 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,363 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,572 Views
    Don't Miss

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ කාර්ය මණ්ඩලයට දිර්ඝ නිවාඩුවක්

    December 20, 20250129 Views

    පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය සඳහා දිර්ඝ නිවාඩුවක් ලබාදී ති‍බේ. ඒ අනුව, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්…

    නායයෑම් අනතුරු ඇඟවීම තවදුරටත් දීර්ඝ කෙරේ

    December 20, 2025

    එළවළු මිල සීඝ්‍රයෙන් ඉහළට

    December 20, 2025

    අනවසර විදුලි රැහැනක ගැටී තරුණයෙකු මරුට

    December 20, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.