Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

    October 7, 2025

    GMOA අද හදිසියේ රැස්වෙයි

    October 7, 2025

    සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්

    October 7, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හුංගම නිවසක ද්විත්ව ඝාතනයක්
    Featured

    හුංගම නිවසක ද්විත්ව ඝාතනයක්

    By LFNOctober 7, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    හුංගම, වාඩිගල ප්‍රදේශයේ නිවසක ද්විත්ව ඝාතනයක් සිදුව තිබේ.

    පොලීසිය සඳහන් කළේ තියුණු ආයුධවලින් පහරදී මෙම ඝාතනය සිදුකර ඇති බවය.

    හුංගම රන්න වාඩිගල ප්‍රදේශයේ නිවසක පුද්ගලයින් දෙදෙනෙකු අභිරහස් ලෙස මියගොස් ඇති බවට පොලීසියට ලැබුණු තොරතුරකට අනුව සිදුකළ පරීක්ෂාවක දී මෙම ඝාතනය පිළිබඳ තොරතුරු අනාවරණය වී තිබේ.

    මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 28 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ අනියම් බිරිඳ බවට සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    අදාළ නිවසේ හිමිකරු මේ වන විට බන්ධනාගාර ගතව සිටින අතර මෙම යුවළ තාවකාලික පදනම මත එම නිවසේ පදිංචිව සිට ඇති බව සඳහන් වේ.

    කවුරුන් විසින් කුමන හේතුවක් මත මෙම ඝාතනය සිදුකළේ ද යන්න මෙතෙක් අනාවරණය වී නොමැති අතර මළසිරුරු සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය අද (07) සිදුකිරීමට නියමිතය.

    හුංගම පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

    October 7, 2025

    GMOA අද හදිසියේ රැස්වෙයි

    October 7, 2025

    සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්

    October 7, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,373 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,317 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,553 Views
    Don't Miss

    වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ගේ වැටුප් ගැන තීරණයක්

    October 7, 20250119 Views

    වැඩතහනමට ලක්වූ විනිසුරුවරුන්ට අඩ වැටුප් ගෙවීමත් සමග ඔවුන්ට හිමි දීමනා කිහිපයක් නොගෙවීමට ද අධිකරණ සේවා…

    GMOA අද හදිසියේ රැස්වෙයි

    October 7, 2025

    සැකපිට අත්අඩංගුවට ගත් අපරාධකරුවෙක් රිමාන්ඩ්

    October 7, 2025

    රාජපක්ෂලාට එරෙහි වන SF

    October 7, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.