Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දෙහිවල සත්වෝද්‍යානයේ පරෙවියන් 32ක් සොරකම් කරලා
    Featured

    දෙහිවල සත්වෝද්‍යානයේ පරෙවියන් 32ක් සොරකම් කරලා

    By LFNOctober 6, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දෙහිවල ජාතික සත්වෝද්‍යානයෙන් පරෙවියන් තිස් දෙදෙනෙකු සොරකම් කර ඇති බව එහි පාලනාධිකාරිය පවසයි.

    එහි නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා සඳහන් කළේ මේ සම්බන්ධයෙන් දෙහිවල පොලිසියට පැමිණිලි කර ඇති බවය.

    එහි නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා පවසන්නේ පසුගිය සිකුරාදා රාත්‍රී කාලයේදී හෝ සෙනසුරාදා දින අලුයම් කාලයේ දී මෙම සතුන් සොරකම් කරන්නට ඇතැයි සැකකරන බවය.

    සතුන් රඳවා සිටි කූඩුවක් කඩා මෙම පරෙවියන් සොරකම් කර ඇති අතර එම පරෙවියන් අධිකරණ නියෝග යටතේ විවිධ අවස්ථාවන්වලදී නඩු භාණ්ඩ ලෙස දෙහිවල සත්වෝද්‍යානයේ රදවා සිට ඇති බව සඳහන් වේ.

    සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග යටතේ සත්ත්වෝද්‍යානයේ එම සතුන් සිටි අංශය භාරව කටයුතු කළ නිලධාරියාගේ වැඩ තහනම් කිරීමට ද පියවර ගෙන ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ හේමන්ත සමරසේකර මහතා වැඩිදුරටත් පැවසුවේය.

    කෙසේවෙතත් මෙතෙක් මෙම සොරකමට සම්බන්ධ පුද්ගලයෙකු හෝ සොරාගත් පරෙවියන් පිළිබඳව කිසිදු තොරතුරක් වාර්තා වී නොමැති බව දෙහිවල පොලිසිය සඳහන් කළේය.

    මේ පිළිබඳව දෙහිවල පොලීසිය විශේෂ පරීක්ෂණයක් ද ආරම්භ කර ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 202607 Views

    එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ…

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.