Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 2026

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට නඩු
    Featured

    වැඩිමිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 135කට නඩු

    By LFNOctober 6, 2025No Comments2 Mins Read118 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 100කට අධික සංඛ්‍යාවකට එරෙහිව නීතිමය පියවර ගනිමින් සිටින බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පැවසුවේ ඒ අනුව පසුගිය මාසයක පමණ කාලය තුළ දිවයින පුරා සිදුකළ වැටලීම්වලදී වෙළෙඳසැල් 135ක වෙළඳුන්ට එරෙහිව නඩු පැවරීම් සිදුකරමින් පවතින බවය.

    සහල් වැඩි මිලට අලෙවි කරන සහ සඟවා තබා වෙළෙදුන්ට එරෙහි වැටලීම් තවදුරටත් ක්‍රියාත්මක කරන බව ද පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැඩිදුරටත් සදහන් කළේය.

    එම අධිකාරිය පැවසුවේ වැඩි මිලට සහල් අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරිකයෙකු වේ නම් ඔහුට එරෙව නඩු පැවරීමේදී ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක්ද නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

    එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩ මුදලක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධව වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමටද අධිකාරි පනත යටතේ හැකියාවක් ඇති බවද එම අධිකාරිය පැවසීය.

    තවද දෙවන වර සිදුකරන වරදකදී එම දඩ මුදල මෙන් දෙගුණයක් දඩ නියම කිරීමටත් වසරක් දක්වා සිර දඬුවමක් ලබා දීමටත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකියාවක් ඇති බවත් එම අධිකාරීය වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    මේ අතර වර්තමානය වන විට වෙළෙඳපොළ තුළ කීරි සම්බා හිඟය තවදුරටත් පවතින බව වෙළෙඳුන් පවසයි.

    ඔවුන් පෙන්වා දෙන්නේ එම ගැටලුව සම්බන්ධව අවධානය යොමු කරමින් බලධාරීන් විසින් මේ සඳහා කඩිනම් පියවර ගත යුතු බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 2026

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,424 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,376 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් කොළඹ වරායට

    February 22, 20260117 Views

    ගෑස් මෙට්‍රික් ටොන් 3900ක් රැගත් නෞකාවක් අද (22) දින දිවයිනට පැමිණ තිබේ. ලිට්‍රෝ ගෑස් සමාගම…

    ධිවර සහ නාවික ප්‍රජාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

    February 22, 2026

    NBRO අනතුරු ඇඟවීමක් – ප්‍රදේශ කිහිපයකට මි.මී 200ට වැඩි වැසි

    February 22, 2026

    කුරුඳු ඉඩමක වැඩකරමින් සිටියදී කොටුවූ අකුරේගොඩ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරු

    February 22, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.