Close Menu
Lanka Focus News
    What's Hot

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි
    Featured

    කජ්ජාගේ පුතාගෙන් ප්‍රකාශයක් ගන්නා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි

    By LFNOctober 6, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ මරණය සිදුවන අවස්ථාවේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා තාජුඩීන්ගේ රියට පිටුපස ගමන්ගත් සැකකටයුතු රියක සිටි බවට කජ්ජාගේ බිරිඳ පසුගියදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් කර තිබුණි.

    ඒ එම නිලධාරීන් පෙන්වූ සීසීටීවී දර්ශනවල සැකකටයුතු රුවක් හඳුනාගනිමිනි.

    කෙසේවෙතත් ඉන් පසු කජ්ජාගේ 17 හැවිරිදි පුත්‍රයා මාධ්‍ය හමුවේ පෙනී සිටිමින් සිය මව කළ අනාවරණය ප්‍රතික්ෂේප කළ අතර අදාළ වීඩියෝව සිය පියාගේ පවුලේ ඥාතීන්ටද පෙන්වා ඒ ගැන පරීක්ෂාවක් නොකරන්නේ ඇයිදැයි පොලිසියෙන් විමසා සිටියේය.

    කෙසේවෙතත් රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන් ඝාතනය වීමට පෙර ඔහුගේ මෝටර් රථය පසුපස ගමන් ගන්නා ජීප් රථයේ අනුර විදානගමගේ හෙවත් කජ්ජා ගමන් කළ බවට මෙතෙක් සිදුකළ විමර්ශනවලට අනුව තහවුරුවී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ සඳහන් කළේය.

    මෙවන් පසුබිමක අදාළ ආන්දෝලනාත්මක ප්‍රකාශය හේතුවෙන් ඉදිරියේදි කජ්ජාගේ පුත්‍රයාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

    එමෙන්ම කජ්ජාගේ ඥාතීන්ගෙන්ද ඉදිරියේදි ප්‍රකාශ ලබා ගන්නා බවත් ඔවුන්ටද තාජුඩීන්ගේ අනතුරට අදාළ cctv දර්ශන පෙන්වා එහි සිටින අනෙක් පුද්ගලයා මිද්දෙණියේ කජ්ජාද යන්න පිළිබඳව විමසීමට කටයුතු කරන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මේ අතර සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් නැමැත්තාගෙන් හෙළි වු තොරතුරු මත අත්අඩංගුවට ගත් ඔහුගේ මස්සිනා දින 07ක් රඳවා විමර්ශන කිරීමට අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය පොලිසියට අවසර ලබා දී තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 202603 Views

    මෙරටට අලුතින් පත්ව පැමිණි විදේශීය තානාපතිවරු 07දෙනෙකු සහ මහකොමසාරිස්වරු 04දෙනෙකු අද (25) පෙරවරුවේ ජනාධිපති ලේකම්…

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026

    සැප්තැම්බර් පස්වෙනිදා සිට ජනපතිගේ ප්‍රධානත්වයෙන් විශේෂ ජනරැලි මාලාවක්

    August 23, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.