Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – තරුණියන් දෙදෙනෙකු ඇතුළු 6ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – තරුණියන් දෙදෙනෙකු ඇතුළු 6ක් මරුට

    By LFNOctober 5, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු කිහිපයකින් තරුණියන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 06 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (04) මෙම අනතුරු සිදුව තිබුණේ හොරණ, පින්නවල, තිරුක්කෝවිල්, කටුවන සහ මධ්‍යම කඳවුර යන පොලිස් වසම්වලදීය.

    හොරණ – මහරගම මාර්ගයේ කනන්විල ප්‍රදේශයේදී තුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දිසාවෙන් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව තිබුණි.

    අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා හොරණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනාම මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, 24 හැවිරිදි තරුණයෙක් සහ 21 හැවිරිදි තරුණියකි.

    ඔවුන් කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචිව සිටි අඹුසැමි යුවළක් බව පොලීසිය පැවසීය.

    මේ අතර හැටන් – බලංගොඩ මාර්ගයේ කිලෝමීටර් 08 කණුව අසලදී බලංගොඩ දෙස සිට පින්නවල දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ පෙරළීගොස් විරුද්ධ දිසාවෙන් පැමිණි බස් රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය තුවාල ලබා බලංගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පසුපැදිකාරිය මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, අරණායක ප්‍රදේශයේ පදිංචිව සිටි 23 හැවිරිදි තරුණියකි.

    මේ අතර තිරුක්කෝවිල් පොලිස් වසමේ වීරයඩි අතුරු මාර්ගයේ විනයාගපුරම් දෙස සිට තිරුක්කෝවිල් පොතුවිල් ප්‍රධාන මාර්ගය දෙසට ධාවනය වූ කැබ් රථයක් ප්‍රතිවිරුද්ධ දිසාවෙන් පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පා පැදිකරු බරපතළ තුවාල ලබා තිරුක්කෝවිල් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, නයාගපුරම් ප්‍රදේශයේ පදිංචිව සිට 70 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර සියාරපිටිය – වැලිපිටිය මාර්ගයේ තුන්දොළ පාලම අසලදී ත්‍රීරෝද රථයක් රියදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන පෙරළිගොස් තුන්දොළ පාලමෙන් පහතට වැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් ත්‍රීරෝද රථ රියදුරු හා එහි ගමන් ගත් සිව් දෙනෙකු තුවාල ලබා කටුවන රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ත්‍රීරෝද රථ රියදුරු වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහල වෙත මාරුකර යවා තිබුණි.

    එහිදී ප්‍රතිකාර ලබමින් සිටියදී රියදුරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිව සිටි 66 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර මධ්‍යම කඳවුර උහන මාර්ගයේ 18 ජනපදය ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ දකුණු පස අයිනේ ගමන් කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුවූ අනතුරින් පදික පුද්ගලයා මියගොස් ඇත.

    එලෙස මියගොස් ඇත්තේ, වීරගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 75 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 202607 Views

    එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ…

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.