Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට
    Featured

    ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිගත කිරීම් මට්ටම ඉහළට

    By LFNOctober 4, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    S&P ග්ලෝබල් රේටින්ස් ආයතනය මෙරට දිගුකාලීන සහ කෙටි කාලීන විදේශ මුදල් ස්වෛරී ණයශ්‍රේණිගත කිරීම SD මට්ටමේ සිට CCC+/C මට්ටම දක්වා උසස් කර තිබේ.

    එමෙන්ම දිගුකාලීන සහ කෙටිකාලීන දේශීය ණය ශ්‍රේණිගත කිරීම CCC+/C මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර ඇති බවත් නිවේදනයක් නිකුත් කරමින් පැවසීය.

    එම නිවේදනය මගින් ඔවුන් වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව පිළිබඳ මෙම ශ්‍රේණිගත කිරීම් සඳහා රටේ ශක්තිමත් ආර්ථික ප්‍රකෘතිය, වේගවත් මූල්‍ය ඒකාබද්ධතාවය සහ ප්‍රතිසංස්කරණ, වැඩිදියුණු වන ගෙවුම් ශේෂ තත්ත්වය සහ රාජ්‍ය ව්‍යවසායන්ගෙන් මූල්‍ය අවදානම් අඩුකිරීමේ තිරසාර ප්‍රගතිය යන කරුණු සැලකිල්ලට ගත් බවය.

    මේ අතර ෆිච් රේටින්ස් ආයතනයද විදේශ මුදල්වලින් මෙරටට නිකුත් කරන ලද දිගුකාලීන ණය ආපසු ගෙවීමට ශ්‍රී ලංකාවට ඇති හැකියාව පිළිබඳ වූ ශ්‍රේණිගත කිරීම CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට තීරණය කර තිබේ.

    නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාව 2024 දී ස්වෛරී ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් කළ ද, රජයේ සාමාන්‍ය ණයබරතාවය ඉහළයාම සහ ඉහළ පොලී-ආදායම් අනුපාතය හේතුවෙන් මෙම ශ්‍රේණිගත කිරීම පැවති CCC+ මට්ටමේම පවත්වාගෙන යෑමට හේතු වූ බවයි.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය සම්බන්ධයෙන් ජාත්‍යන්තර ආයතන පළකරන ධනාත්මක ප්‍රතිචාර සහ ශ්‍රේණිගත කිරිම් හමුවේ දේශිය සහ විදේශීය ආයෝජකයින්ගේ විශ්වාසය ඉහළ ගොස් තිබේ.

    එලෙස ආයෝජකයින්ගේ විශ්වාසය ශක්තිමත්වීම හමුවේ කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය ඉතිහාසයේ ප්‍රථමවරට ඊයේ (3) 22,000 සීමාව ඉක්මවා ගියේය.

    කොළඹ කොටස් වෙළෙඳපොලේ ලැයිස්තුගත සියලුම සමාගම් නිකුත් කර ඇති කොටස්හි මිල ගණන් උච්ඡාවචනය පෙන්නුම් කරන සියලු කොටස් මිල දර්ශකය ඒකක 143.1කින් ඉහළ ගිය අතර, එය ඊයේ දිනය අවසානයේ සටහන් වූයේ 22,094.89ක් ලෙසය.

    එමෙන්ම කොටස් වෙළෙඳපොළේ ප්‍රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස් ඇන්ඩ් පී ශ්‍රී ලංකා 20 දර්ශකය ද ඊයේ 6,189.97 දක්වා ඉහළ ගියේය.

    කොටස් වෙළෙඳපොළේ මුළු පිරිවැටුම ඊයේ දිනයේදී දැක්වුණේ රුපියල් බිලියන 9.75ක් ලෙසය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.