Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මෙරට දිනකට පිළිකා රෝගීන් 100ක්
    Featured

    මෙරට දිනකට පිළිකා රෝගීන් 100ක්

    By LFNOctober 4, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙරට දිනකදී පිළිකා රෝගීන් 100ක් වාර්තා වන බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

    ඒ මහතා පැවසුවේ මේ අනුව වසරකට පිළිකා රෝගීන් 35,000ක් පමණ වාර්තා වන බවත් එයින් 35%ක් එනම් 13,000කට ආසන්න ප්‍රමාණයක් මහරගම අපේක්ෂා රෝහලේ පිළිකා රෝගීන් ලෙස ප්‍රතිකාර ආරම්භ කරන බවත්ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කර සිටියේ සිව්වන ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානය මහනුවර දිස්ත්‍රික්කයේ පොල්ගොල්ල ප්‍රදේශයේදී පසුගිය (02) ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

    එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ වසරක ඖෂධ වියදමින් 30%ක් වැය වන්නේද පිළිකා රෝග සඳහා ප්‍රතිකාර සිදුකරන ඖෂධ සඳහා බවත් මෙයට විසඳුම් කුමක්ද යන්න සෙවීමේදී මෙය පාලනය කරගත හැකි අවස්ථාව මුල් අවස්ථාවේ රෝග හඳුනාගැනීම බවත් අමාත්‍යවරයා පැවසීය.

    තවද වයස අවුරුදු 30ත් -70ත් අතර මෙරට පිරිමි පාර්ශ්වයේ සිදුවන මරණවලට වැඩිම හේතු සාධක වී ඇත්තේ බෝ නොවන රෝග බවත් එම වයසේම කාන්තාවන්ගේ ද වැඩිම මරණවලට හේතුව වී ඇත්තේ පිළිකා තත්ත්වයන් බවද සෞඛ්‍ය දත්ත පෙන්වා දෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය‍

    කෙසේ නමුත් මෙම තත්ත්වය වර්තමානයේ වෙනස් වෙමින් පවතින බවත් පෙන්වාදුන් අමාත්‍යවරයා සඳහන් කර සිටියේ වැඩිම ප්‍රමාණයක් මියයාමට හේතුව වී ඇත්තේද බෝ නොවන රෝග බැවින් රටේ සංවර්ධනයට දායක වෙමින් සිටින කාණ්ඩයේ ජීවිතයන් මෙලෙස අහිමිවීම කනගාටුට කරුණක් වන බවත්ය.

    ඒ අනුව මෙම ආරෝග්‍ය සුවතා මධ්‍යස්ථාන තුළින් ජනතාවට සෞඛ්‍ය උපදේශණය, ඖෂධ ලබා දෙන ස්ථානයක් පමණක් නොවන බවත් අදියරෙන් අදියර දේශීය සහ ආයුර්වේද ප්‍රතිකාර සේවාවන්ද ආරම්භ කරන බවත් පැවසූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ තවද ශාරිරික ව්‍යායාම, යෝග, මියුසික් තෙරපි වැනි දේවල් ද ජීවිතයට හුරු කරන තැනක් බවට පත් කරන බවය.

    බෝ නොවන රෝග සඳහා ප්‍රතිකාර සහ උපදේශන සේවා මූලික ශල්‍ය වෛද්‍ය ප්‍රතිකාර, වැඩිහිටි සත්කාර, පුනරුත්ථාපන සත්කාර, සහන සත්කාර, ප්‍රාථමික අක්ෂි සත්කාර, මුඛ සෞඛ්‍ය සත්කාර, මානසික සෞඛ්‍ය සත්කාර සහ උපදේශණ සේවා, පෝෂණ සත්කාර සහ උපදේශණ සේවා, මධ්‍යසාර පුනරුත්ථාපන සේවා මෙන්ම උපදේශණ තරුණ හා යොවුන් සත්කාර සේවා, තෝරාගත් රසායණාගාර පරීක්ෂණ, ප්‍රජා බල ගැන්වීම ඇතුළුව ප්‍රාථමික සෞඛ්‍ය සත්කාර සේවා රාශියක් මෙම මධ්‍යස්ථාන තුළින් ජනතාවට ලබා දීමට නියමිත බවත් එම අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව ගැන මාර්ගෝපදේශ මාලාවක්

    April 23, 202607 Views

    එළඹෙන වෙසක් සහ පොසොන් පොහොය වෙනුවෙන් දිවයින පුරා පවත්වනු ලබන දන්සැල්වල ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් මාර්ගෝපදේශ…

    ඩෙන්මාර්කයේ දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටෙයි

    April 23, 2026

    ඉන්දියාවේදී කොටුවී මෙරටට රැගෙන ආ ‘දිනුෂ’ රිමාන්ඩ්

    April 23, 2026

    විශේෂ අංක තහඩුවෙන් RMVයට කෝටි 118ක ආදායමක්

    April 23, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.