මන්නාරම සුළං විදුලි බලාගාර ව්‍යාපෘති අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ඉල්ලමින් සහ එයින් ජනතාව වෙත ලැබෙන ප්‍රතිලාභ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් අද උදෑසන මන්නාරම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය අසලදී ප්‍රදේශවාසීන්ගේ සහභාගීත්වයෙන් සාමකාමී විරෝධතාවක් පවත්වා ඇති බවට වාර්තාවේ.
එහිදී ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කිරීම සඳහා අදාල ඉල්ලීම් ඇතුලත් ලිපියක්ද මන්නාරම දිස්ත්‍රික් ලේකම්වරයා වෙත භාරදී ඇත. සුළං විදුලි බලාගාර ව්‍යාපෘතියේ ඉදිකිරීම් නතර කරන ලෙස ඉල්ලා විරෝධතාවයන් පැවැත්වෙන අවස්ථාවකදී මෙසේ තවත් ප්‍රදේශවාසීන් කොටසක් පැමිණ මෙම ව්‍යාපෘති සිදුකරන මෙන් අදාල බලධාරීන්ගෙන් මෙහිදී ඉල්ලා ඇත.
මෙම අවස්ථාවේදී දෙපාර්ශවය අතර සුළු ගැටුමක්ද ඇතිවී ඇත එහිදි පොලීසිය විසින් එය සමථයකට පත්කර ඇති අතර, මෙම ව්‍යාපෘති සිදු කරන ලෙස ඉල්ලා මන්නාරම නගරය පුරා පෝස්ටර් අලවා ඇති බවටද වාර්තතාවේ.