Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    අකුරේගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට

    February 13, 2026

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට
    Featured

    සීනිමෝදර මත්ද්‍රව්‍ය තොගයට සම්බන්ධ තවත් අයෙක් අත්අඩංගුවට

    By LFNOctober 2, 2025No Comments2 Mins Read110 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තංගල්ල සීනි මෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී සොයාගත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු තංගල්ල කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ‘බෙලිඅත්තේ සනා’ නමැති මෙම අපරාධකරු ඊයේ (01) දිනයේ අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    විදෙස් රටක සිට මෙරටට රැගෙන විත් ප්‍රවාහනය කිරීම සඳහා සූදානම් කර තිබු හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 700කට අධික ප්‍රමාණයක් ලොරි රථ තුනක තිබී තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ දී පසුගියදා පොලීසිය විසින් සොයාගනු ලැබීය.

    ‘උනාකුරුවේ ශාන්ත’ නමැති විදෙස්ගත මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් බව කියන අදාළ මත්ද්‍රව්‍ය තොගය මෙරට ජාවාරම් කටයුතුවල නිරත වූ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විසින් විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක කර තිබේ.

    ඒ අනුව අදාළ ජාවාරමට සම්බන්ධ ‘බෙලිඅත්තේ සනා’ නැමැත්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මෙම ජාවාරමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවෙකු වන ‘භූමිතෙලා’ නමැත්තාගේ සමීපතමයෙකු බව පොලීසිය සඳහන් කළේය.

    මීට අමතරව මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තැබු බව කියන තවත් නිවසක් පොලීසිය විසින් සොයාගෙන තිබේ.

    තංගල්ල මාරකොළනිය ප්‍රදේශයේ පිහිටි අදාළ නිවස මෙම ජාවාරම්කරුවන් විසින් මත්ද්‍රව්‍ය සඟවා තබා ගැනීමට යොදාගෙන ඇති බවට සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මේ අතර රට තුළ ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සියලු අපරාධ කඩිනමින් අවසන් කිරීමට කටයුතු කරන බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසයි.

    හැටන් කම්කරු දිස්ත්‍රික් කාර්යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මේ බව සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    අකුරේගොඩ වෙඩිතැබීමක් – දෙදෙනෙකු මරුට

    February 13, 20260129 Views

    තලංගම අකුරේගොඩ ප්‍රදේශයේදී පුද්ගලයින් දෙදෙනෙකු වෙඩිතබා ඝාතනය කර තිබේ. අකුරේගොඩ ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළෙඳසැලක රථ…

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.