Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්
    Featured

    ශෂීන්ද්‍ර රාජපක්ෂ තවදුරටත් රිමාන්ඩ්

    By LFNSeptember 30, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස් කොමිසම මඟින් දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන මේ වන විට රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතා තවදුරටත් ඔක්තෝබර් මස 14 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

    අල්ලස් කොමිසමේ නිලධාරීන් හා සැකකරුගේ නීතිඥවරු ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස් බෝදරගම මහතා මෙම නියෝගය නිකුත් කළේය.

    සැකකරුට බන්ධනාගාර රෝහලේ දී සහ වෙනත් රෝහල්වලදී ලබා දුන් ප්‍රතිකාර පිළිබඳ පූර්ණ වාර්තාවක් මීළඟ දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර අධිකාරවරයාට නියම කළේය.

    ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් සෙවණගල, කිරිඉබ්බන්වැව ප්‍රදේශයේ පිහිටි ඉඩමක අනවසරයෙන් ඉදිකර ඇති ගොඩනැගිල්ලක් ඇතුළු දේපළ 2022 වසරේ මැයි මස 09 වනදා ඇති වූ අරගලයේදී හානියට පත්වීමෙන් පසු එකී දේපොළ සඳහා වන්දි ගෙවීම ප්‍රතික්ෂේප කර තිබියදී ඊට පටහැනිව හානිපූර්ණය සඳහා වන කාර්යාලයට අනුයුක්තව කටයුතු කළ ඇතැම් රජයේ නිලධාරින්ට තම නිල බලය භාවිත කරමින් බලපෑම් සිදුකර රුපියල් 8,850,000/- ක් වන්දි ලබා ගැනීම තුළින් “දූෂණය” නමැති වරද සිදුකිරීම සහ මහවැලි අධිකාරිය සතු දේපොළක් සාපරාධී සාවද්‍ය පරිහරණය තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකළේ යැයි සැකපිට මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 2025

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,411 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,364 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    වායු ගුණාත්මකභාවය පහළට

    December 21, 20250116 Views

    මෙම දිනවලදී වායුවේ ගුණාත්මකභාවය පහළයාමක් නිරීක්ෂණය වී ඇති බවත් විශේෂයෙන් උතුර, උතුරු මැද, වයඹ සහ…

    නීති විරෝධීව දුම්වැටි තොගයක් රැගෙන පැමිණි අයෙකු කටුනායකදී අත්අඩංගුවට

    December 21, 2025

    දිය වලකට වැටී 02 හැවිරිදි දරුවෙක් ජීවිතක්ෂයට

    December 21, 2025

    ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්

    December 21, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.