Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වටලයි
    Featured

    වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වටලයි

    By LFNSeptember 29, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාලන මිල ඉක්මවා සහල් අලෙවි කළ වෙළෙඳසැල් 105ක් වැටලීමට පසුගිය සති දෙක තුළ කටයුතු කළ බව පාරිභෝගික කටයුතු අධිකාරිය පවසයි.

    එම අධිකාරිය පැවසුවේ එලෙස වැඩි මිලට සහල් අලෙවි කළ වෙළෙඳ සැල් සඳහා නඩු පැවරීමට ද කටයුතු කළ බවය.

    සහල් සඳහා පාලන මිලක් නියම කර ඇති බැවින් එම මිලට වඩා වැඩි මිලකට සහල් අලෙවි කරන්නේ නම් නීතිමය පියවර ගැනීමට කටයුතු කරන බවද එම අධිකාරිය පැවසීය.

    එම අධිකාරිය පැවසුවේ සහල් අලෙවියේදී වැඩි මිලට අලෙවි කරන තනි පුද්ගල ව්‍යාපාරයෙකු වේ නම් ඔහුට එරෙහිව නඩු පැවරීමේදි ඔහු වැරදිකරු වුවහොත් රුපියල් ලක්ෂයේ සිට රුපියල් ලක්ෂ 05 දක්වා දඩ මුදලක් හෝ මාස 05ක සිර දඬුවමක් නියම කළ හැකි බවත් නැතහොත් එම දඩ මුදල හෝ සිර දඬුවම යන දෙකම නියම කිරීමටද හැකියාවක් ඇති බවය.

    එමෙන්ම පෞද්ගලික සමාගමක් වරදකරු වන්නේ නම් රුපියල් ලක්ෂ 05 සිට රුපියල් ලක්ෂ 50 දක්වා දඩයක් නියම කිරීමටත් සහල් සඟවා තැබීම සම්බන්ධයෙන් වරදකරු වුවහොත් දඩ මුදලක් හෝ සිර දඬුවම හෝ ඉහත දෙකම මෙන්ම අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරිමටද අධිකාරිය පනත යටතේ අධිකරණයට හැකි බවද එම අධිකාරිය පැවසීය.

    මේ අතර වසරේ මේ දක්වා කාලය තුළ සහල් සම්බන්ධ වැටලීම් 3,000 ඉක්මවීමටද පාරිභෝගික කටයුතු අධිකාරිය සමත්ව ඇත.

    එම වැටලීම්වලින් 1,000කට අධික ප්‍රමාණයකට නීතිමය කටයුතු සිදුකර ඇතැයිද එම අධිකාරියේ සභාපති හේමන්ත සමරකෝන් මහතා පසුගියදා පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.