Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»හෘද රෝග මරණ ගැන විශේෂ අනාවරණයක්
    Featured

    හෘද රෝග මරණ ගැන විශේෂ අනාවරණයක්

    By LFNSeptember 28, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලොව පුරා හෘද රෝග හේතුවෙන් සිදුවන මරණවලින් සියයට 80ක්ම වළක්වා ගත හැකි මරණ වීම කණගාටුවට කරුණක් බව හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා පවසයි.

    ලෝක හෘද දිනය වෙනුවෙන් කොළඹ විහාරමහාදේවී උද්‍යානයේ පැවති වැඩසටහනකට එක්වෙමින් ඒ මහතා මේ බව කියා සිටියේය.

    ලෝක හදවත් දිනයේ ප්‍රධාන අරමුණක් වන්නේ වළක්වා ගත හැකි හදවත් මරණ වළක්වා ගැනීම සඳහා එක්වී කටයුතු කිරීම බව වෛද්‍යවරයා එහිදී අවධාරණය කළේය.

    එමෙන්ම ඔහු පෙන්වා දෙන්නේ සරල හා නිරෝගී දිවි පෙවෙතක් ගත කිරීම හරහා හෘද රෝග අවම කර ගැනීමට හැකියාව ලැබෙන බවය.

    ව්‍යායාම, යහපත් ආහාර රටාව, දුම්පානයෙන් වැළකී සිටීම සහ ආතතිය ඇතිවන ක්‍රියාවන්ගෙන් වැළකීම මෙන්ම නිතිපතා කරන සෞඛ්‍ය පරීක්ෂාවන් ද මේ සඳහා වැදගත් වන බව වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය සම්පත් විතානවසම් මහතා,

    ”හෘදයාබාධයක් හඳුනා ගන්නේ කෙසේ ද හෘදයාබාධයක ලක්ෂණ මොනවාද හෘදයාබාධයක් ඇති වූ විට අපි ක්‍රියාකළ යුත්තේ කෙසේ ද යන්න දැන ගැනීම සෞඛ්‍ය වෘත්තිකයින්ගේ පමණක් වගකීම නෙමේ. එය සියලු මහජනතාව දැනුවත් විය යුතු කරුණක්. ඔබ ඒ ගැන දැනුවත් වුවහොත් ඔබ ඉක්මනින් ප්‍රතිචාර දැක්වුවහොත් වෛද්‍යවරුන්ටත්, හෙද කාර්‍ය මණ්ඩලයටත් ඔබ වෙනුවෙන් කළ හැකි දේ බොහෝමයි.. අපි අපේ හදවතට කළ යුතු යුතුකමක් තියෙනවා. එය ඉටු කිරීම ඔබේ වගකීමක්..”

    ”ලෝක හදවත් දිනය යෙදී තියෙන්නේ සැප්තැම්බර් 29 වැනිදාට. ඊට සමගාමීව ශ්‍රී ලංකා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යාතනය සංවිධානය කළා පා ගමනක් හා මිනිසුන් දැනුවත් කිරීමේ වැඩසටහනක්. මේ අවුරුද්දේ තේමාව වෙලා තියෙන්නේ සෑම හෘද ස්පන්දනයක්ම වැදගත්. කිසිම හෘද ස්පන්දනයකට අකාලේ මිය යන්න දෙන්න එපා කියන පණිවිඩය. මම හිතනවා මෙය හොඳ පූර්වාදර්ශයක් වේවී ශ්‍රී ලාංකිකයින් හැමදෙනාටම නිවැරදි හදවතක් සහිතව ඉතිරි ජීවිත කාලේ ජීවත් වෙන්නේ”

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.