හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් අද (28) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේදී පැවැත්විණි.
ඒ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කතරගම සිට කොළඹ බලා පැමිණෙන අතරවාරයේදීය.
එහිදී තමන් සිරගත කළ අවස්ථාවේදී කළ කාර්යභාරය සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී මහින්ද රාජපක්ෂ මහතාට සිය ස්තූතිය පළ කළේය.
එමෙන්ම කාල්ටන් නිවසට පැමිණි රනිල් වික්‍රමසිංහ මහතා මහින්ද රාජපක්ෂ මහතාගේ සැප සනීප සම්බන්ධයෙන්ද විමසා බැලීමට පියවර ගනු ලැබීය.
