කුළියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවන වසරේ සිසුවෙකුට නවකවධය ලබා දීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවන වසරේ සිසුන් සිව්දෙනෙකු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.
ඒ එම සැකකාර සිසුන් 04 දෙනා අද (26) කුළියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය.
එහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ අදාළ සිසුන් සිව්දෙනා එළැඹෙන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසය.
