Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නා උයන ආරණ්‍ය සෙනසුනේ අනතුර ගැන විධිමත් විමර්ශනයක් කරන්න – අධිකරණයෙන් නියෝග
    Featured

    නා උයන ආරණ්‍ය සෙනසුනේ අනතුර ගැන විධිමත් විමර්ශනයක් කරන්න – අධිකරණයෙන් නියෝග

    By LFNSeptember 26, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    කුරුණෑගල මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී ඩක්කුවක් කඩා වැටීමෙන් භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස මහව මහෙස්ත්‍රාත්වරිය පන්සියගම පොලීසියට නියෝග කර තිබේ.

    සිද්ධියට අදාළ විමර්ශන සඳහා යාන්ත්‍රික ඉංජිනේරුවන්ගේ සහාය ලබාගන්නා ලෙසටද මහව මහෙස්ත්‍රාත් කංචනී අභිමානී සෙනෙවිරත්න මෙනවිය පන්සියගම පොලීසියට නියෝග කර ඇති බව වාර්තාවේ.

    මෙම අනතුරින් අපවත් වූ භික්‍ෂූන් වහන්සේගේ මෘත දේහ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්‍ෂණ පවත්වා ඊට අදාළ වාර්තා වෙන් වෙන් වශයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස මහෙස්ත්‍රාත්වරිය කුරුණෑගල ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට ද නියෝග කර තිබේ.

    ඩක්කුවක් කඩා වැටීමේ ක්‍රියාවලියේදී යම් අපරාධමය වරදක් සිදු වී ඇත්ද යන්න පිළිබඳ විමර්ශනවලදී අනාවරණය වන්නේ නම්, ඒ පිළිබඳව අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසද පන්සියගම පොලීසියට මහව මහෙස්ත්‍රාත්වරිය නියෝග කර ඇති බව සඳහන්ය.

    මහව මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කරනු ලැබුවේ නා උයන ආරණ්‍ය සේනාසන භූමිය තුළදී පීලි මතින් දිවෙන ඩක්කුවක් හදිසියේ කඩා වැටීමෙන් ආරණ්‍ය සේනාසනවාසීව සිටි භික්ෂූන් වහන්සේ හත් නමක් අපවත් වීමේ සිද්ධිය සම්බන්ධයෙන් පන්සියයගම පොලීසිය ‘බී’ වාර්තාවක් මගින් අධිකරණයට කළ කරුණු දැක්වීම සැලකිල්ලට ගනිමින්ය.

    මේ අතර මැල්සිරිපුර නා උයන ආරණ්‍ය සේනාසනයේ සිදුවු අනතුරින් අපවත් වී වදාළ විදේශීය ස්වාමීන් වහන්සේගේ අදාහන පූජෝත්සව කටයුතු මෙරටදී සිදුකිරීම පිළිබඳ අවධානය යොමුව ඇති බව බුද්ධශාසන සහ ආගමික කටයුතු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනවි මහතා පවසයි.

    ඊයේ පාර්ලිමේන්තුවේ දී ඔහු පැවසුවේ අනතුරින් අපවත් වූ සියලු ස්වාමීන් වහන්සේගේ ආදාහන පූජෝත්සව කටයුතු ඊයේ පැවැත්වෙන කමිටු රැස්වීමකින් අනතුරුව තීරණය කරන බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.