Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රේගුව අල්ලස හා දූෂණයට වඩාත්ම නැඹුරු ආයතනය බව අල්ලස් කොමිසම කියයි
    Featured

    රේගුව අල්ලස හා දූෂණයට වඩාත්ම නැඹුරු ආයතනය බව අල්ලස් කොමිසම කියයි

    By LFNSeptember 26, 2025No Comments2 Mins Read112 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන සැලකීමේදී මෙරට ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතනය රේගු දෙපාර්තමේන්තුව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ සභාපති නීල් ඉද්දවෙල මහතා පවසයි.

    කොළඹදී ඊයේ (25) පැවති දේශනයකදී ඔහු මේ අදහස් පළ කළේය.

    ශ්‍රී ලංකා පරිපාලන වෘත්තිකයින්ගේ ආයතනය සහ ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය විසින් මෙම දේශනය සංවිධාන කර තිබූ අතර, ජාතික සංවර්ධනය සඳහා අවංකභාවය, විනිවිදභාවය සහ සුපිරිපාලනය යන මාතෘකාව ඔස්සේ මෙය පැවැත්විණි.

    එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නීල් ඉද්දවල මහතා,

    “2024 වර්ෂයේදී අපි ජාතික දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මක් සකස් කිරීම සඳහා සමීක්ෂණයක් පැවැත්වුවා. ඒකෙදි මහජන මතය අනුව අල්ලස හෝ දූෂණයට වඩාත් නැඹුරු ආයතන කියලා මහජනතාව තෝරපු ආයතන 10ක් විතර මම කියන්නම්.

    නොම්බර එක පොලීසිය, දෙක දේශපාලනය, තුන රේගුව. ඒ වගේම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව, පාසල් හා අමාත්‍යාංශ.

    ඉඩම් ලියාපදිංචි කිරිමේ කාර්යාල, පළාත් සභා, විදේශ රැකියා කාර්යාංශ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාල යනාදිය මහජනතාවගේ මතය.

    කෙසේ වෙතත් ආර්ථිකයට ප්‍රධාන වශයෙන් බලපාන ආයතන 5ක් අපි හඳුනාගෙන තිබුණා. එක රේගුව, දෙවැනි ආයතනය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සහ පළාත් ආයතන දෙපාර්තමේන්තුව. ඒ වගේම සුරාබදු දෙපාර්තමේන්තුව. ආගමන හ විගමන දෙපාර්තමේන්තුව, මෝටර් රථ ලියාපදිංචි කිරීමේ කාර්යාල.

    ඒ වගේම තවත් ආයතන තියෙනවා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය, භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය. මේ වගේ ආයතන තුළින් දූෂණයට වඩා, දූෂණය සිදුකරනවා. ඒවා තුළින් දූෂණය කරන පුද්ගලයින්ට තෝතැන්නක් හදලා දෙනවා, මුදල් විශුද්ධිකරණය සඳහා ඉඩහස ලබාදෙනවා.

    එතකොට මම අර කියපු සමීක්ෂණයේදී දූෂිත සංස්කෘතියක් සඳහා ඉවහල්වන කරුණු ලෙස මහජනතාව දැක්වූයේ මෙන්න මේ කාරණා.

    ඒක තමයි නීතිය හා සාමය නිසි පරිදි රටේ ක්‍රියාත්මක නොවීම. දූෂිත සංස්කෘතියක් රට තුළ ජනිත වීම. ඒ වගේම අල්ලස හා දූෂණය පිළිබඳ මහජනතාව පියවර නොගැනීම.

    එතනදී අපට කියන්න බැහැ එයා කැමැත්තෙන් ඉල්ලුවා, මම කැමැත්තෙන් දුන්නා. ඒක හින්දා මේක, අල්ලසක් හෝ දූෂණයක් නෙවෙයි කියලා” යනුවෙන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.