Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර
    Featured

    මත්ද්‍රව්‍ය ලොරි සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර

    By LFNSeptember 25, 2025No Comments2 Mins Read116 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ ලොරි රථ තුනක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනෙකු රඳවාගෙන ප්‍රශ්න කිරීමට තංගල්ල මහෙස්ත්‍රාත් අධිකරණය පොලීසියට අවසර ලබා දී තිබේ.

    අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ලොරි රථ දෙකක හිමිකරුවන් දෙදෙනෙකු සහ රෝහලේ දී මියගිය උනාකූරුවේ තුසිත යන අයගේ පුත්‍රයෙකු ඊයේ (24) රාත්‍රී තංගල්ල මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණි.

    එහිදි සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පොලීසිය අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි අතර ඔවුන් ලබන 29 වන දින දක්වා රඳවාගෙන ප්‍රශ්න කිරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර තිබේ.

    මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය සොයාගත් එක් ලොරි රථ හිමිකරුවෙකු සහ එහි රියදුරු ද ලබන 29 වනදා තෙක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට පෙරේදා දිනයේ අධිකරණය නියෝග කර තිබුණි.

    මේ අතර තංගල්ල සීනිමෝදර ප්‍රදේශයේ අදාළ මත්ද්‍රව්‍ය සොයාගත් ස්ථානයේ සිට පළාගිය “භූමිතෙලා“ යන අන්වර්ත නාමයෙන් හඳුන්වනු ලබන පුද්ගලයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බව වාර්තා වේ.

    තංගල්ල, සීනිමෝදර ප්‍රදේශයේ නිවසක් තුළ සිටි පුද්ගලයින් තිදෙනෙකු අභිරහස් ලෙස මියයාමත් සමග පොලීසියට ලද තොරතුරු මත සිදුකළ විශේෂ මෙහෙයුමකදී ලොරි රථ 3ක තිබී අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 705ක තොගයක් පසුගියදා සොයාගෙන තිබුණි.

    එහිදී එක්ලොරි රථයක් තුළ තිබී මත්ද්‍රව්‍ය වලට අමතරව ටී – 56 ගිනි අවියක් සහ ඇසුරුම් ඉවත් නොකල නව පිස්තෝල වර්ගයේ ගිනි අවි 5ක් පොලීසිය විසින් සොයාගනු ලැබීය.

    අදාළ මත්ද්‍රව්‍ය තොගය විදෙස් රටක සිට මත්ද්‍රව්‍ය ජාවරම් සිදුකරන උනාකූරුවේ ශාන්ත නැමති අපරාධකරුට අයත් බවට පොලීසිය සිදුකළ විමර්ශන වල දී අනාවරණය වී ඇත.

    මේ අතර මියගිය පුද්ගලයින් තිදෙනා ද මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ පුද්ගලයින් බවට සිදුකළ විමර්ශන වල දී අනාවරණය විය.

    මියගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් වැඩිදුර විමර්ශන සඳහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර තිබේ.

    රෝහල්ගතව සිටියදී මියගිය පුද්ගලයා, උනාකූරුවේ ශාන්ත නැමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවු උනාකූරුවේ තුසිත යන අය බව වාර්තා වේ.

    මේ අතර වැලිගම ඉබ්බාවල ප්‍රදේශයේ පොලිස් විශේෂ කාර්යය බලකාය සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී ටී-56 ගිනිඅවි 4ක් සමග පුද්ගලයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.

    මෙලෙස අත්අඩංගුවට පත් වු එක් පුද්ගලයෙකු සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයෙකු වන “මිදිගම රුවන්ගේ“ සමීපතමයෙකු බව පොලීසිය සඳහන් කළේය.
    අත්අඩංගුවට ගත් සැකකරු වඩු කාර්මිකයෙකු වන අතර ඔහු නඳුන් චින්තක නොහොත් හරක් කටාගේ ප්‍රධාන ගෝලයෙකු වන මිදිගම රුවන්ගේ ඥාතියෙකු බව ද සඳහන්ය.

    එම මෙහෙයුමේ දී ටී-56 ගිනිඅවි 4ට අමතරව මැගසිනයක් හා උණ්ඩ 27ක්, හෙරොයින් ග්‍රෑම් දෙකක් සහ රුපියල් ලක්ෂ අටකට අධික මුදලක් පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සිය භාරයට ගෙන තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.