කුරුණෑගල-අනුරාධපුර ප්‍රධාන මාර්ගයේ තලාව – මීරිගම හංදිය ප්‍රදේශයේදී ලොරි රථයක් සහ වෑන් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් තිදෙනෙකු මියගොස් තවත් සිව් දෙනෙකු තුවාල ලබා තිබේ.
අද (25) අළුයම මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
ලොරි රථය අනුරාධපුර සිට කුරුණෑගල බලා ධාවනය වී ඇති අතර වෑන් රථය අනුරාධපුර සිට කුරුණෑගල දක්වා ධාවනය වී ඇති බව වාර්තා වේ.
වෑන් රථයේ සිටි රියදුරු ඇතුළව 6 දෙනෙකු තුවාල ලබා ඇති අතර ලොරි රථයේ රියදුරුද ඇතුළුව 7 දෙනෙකු තලාව සහ අනුරාධපුර රෝහල් වෙත ඇතුලත් කර තිබේ.
අනතුරින් මියගොස් ඇත්තේ වෑන් රථයේ ගමන් ගත් තිදෙනෙකු වන අතර තලාව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.
