Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – පාසල් සිසුවියක් ඇතුළු 04ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – පාසල් සිසුවියක් ඇතුළු 04ක් මරුට

    By LFNSeptember 24, 2025No Comments2 Mins Read128 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තිස්සමහරාමය, වෙන්නප්පුව, මීරිගම සහ කල්පිටිය පොලිස් වසම්වලින් ඊයේ (23) මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

    මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ප්‍රයිමුවර් රථයේ ගැටී යතුරුපැදියේ පසු පැදිකාරිය ප්‍රයිමුවර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකි.

    මේ අතර තිස්සමහරාමය පොලිස් වසමේ පන්නේගමුව දියබැදිය අතුරු මාර්ගයේ පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී සිදූ වූ අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා තිස්සමහරාමය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පන්නේගමුව, වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේදී තල්ලු කරගෙන පැමිණි යතුරුපැදියක් නැවත පණගැන්වීමට යාමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දර පැටවූ ලොරි රථයක ගැටී එම ලොරි රථයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර දුම්මලදෙණිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කල්පිටිය – පාලවිය මාර්ගයේ සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පාපැදිකරු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කිරීමෙන් අනතුරුව පාපැදිකරු මියගොස් තිබ‍ෙ.

    එලෙස මියගොස් ඇත්තේ, පාලකුඩාව, තලවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.