Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – පාසල් සිසුවියක් ඇතුළු 04ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – පාසල් සිසුවියක් ඇතුළු 04ක් මරුට

    By LFNSeptember 24, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් පාසල් සිසුවියක් ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    තිස්සමහරාමය, වෙන්නප්පුව, මීරිගම සහ කල්පිටිය පොලිස් වසම්වලින් ඊයේ (23) මෙම අනතුරු වාර්තා වී ඇති බව පොලීසිය පවසයි.

    මීරිගම පොලිස් වසමේ පස්යාල ගිරිඋල්ල මාර්ගයේ ඩී.එස්. හන්දිය අසලදී යතුරුපැදියක් දකුණුපසට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ප්‍රයිමුවර් රථයේ ගැටී යතුරුපැදියේ පසු පැදිකාරිය ප්‍රයිමුවර් රථයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පසු පැදිකාරිය බරපතළ තුවාල ලබා මීරිගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, නවගමුව, නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචිව සිටි 17 හැවිරිදි පාසල් සිසුවියකි.

    මේ අතර තිස්සමහරාමය පොලිස් වසමේ පන්නේගමුව දියබැදිය අතුරු මාර්ගයේ පන්නේගමුව ප්‍රදේශයේදී යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගැනීමට නොහැකිව මාර්ගය අසල තිබූ විදුලි රැහැන් කණුවක ගැටී සිදූ වූ අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා තිස්සමහරාමය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පන්නේගමුව, වීරවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 28 හැවිරිදි තරුණයෙකි.

    මේ අතර වෙන්නප්පුව පොලිස් වසමේ කොළඹ – පුත්තලම ප්‍රධාන මාර්ගයේ දුම්මලදෙණිය ප්‍රදේශයේදී තල්ලු කරගෙන පැමිණි යතුරුපැදියක් නැවත පණගැන්වීමට යාමේදී පැදිකරුට යතුරුපැදිය පාලනය කරගැනීමට නොහැකිව ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි දර පැටවූ ලොරි රථයක ගැටී එම ලොරි රථයට යටවීමෙන් අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පැදිකරු බරපතළ තුවාල ලබා මාරවිල රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් ඇති බව පොලීසිය පවසයි.

    එලෙස මියගොස් ඇත්තේ, නැගෙනහිර දුම්මලදෙණිය, වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර කල්පිටිය – පාලවිය මාර්ගයේ සොත්තුපිටිවාඩිය ප්‍රදේශයේදී යතුරුපැදියක් අතුරු මාර්ගයක සිට ප්‍රධාන මාර්ගයට පැමිණි පාපැදියක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදියේ පැදිකරු හා පාපැදිකරු බරපතළ තුවාල ලබා කල්පිටිය රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා පුත්තලම රෝහලට මාරු කිරීමෙන් අනතුරුව පාපැදිකරු මියගොස් තිබ‍ෙ.

    එලෙස මියගොස් ඇත්තේ, පාලකුඩාව, තලවිල ප්‍රදේශයේ පදිංචිව සිටි 61 හැවිරිදි පුද්ගලයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    හෙළයේ ගීත කෝකිලාවියගේ වියෝව ගැන හිටපු ජනපති මහින්දගෙන් සංවේදී සටහනක්

    December 29, 202505 Views

    හෙළයේ ගීත කෝකිලාවිය, කලාශූරී ලතා වල්පොල මහත්මියගේ අභාවය පිළිබඳ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශෝකය…

    මෙල්බන් ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුවට අසාදු ලකුණක්

    December 29, 2025

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.