Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක රිය අනතුරු 04ක්‍- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි
    Featured

    මාරක රිය අනතුරු 04ක්‍- පියතුමෙකුටත් දිවි අහිමි වෙයි

    By LFNSeptember 22, 2025No Comments2 Mins Read114 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දිවයින පුරා ප්‍රදේශ කිහිපයක සිදුවූ මාරක රිය අනතුරු 04කින් පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසයි.

    පොලීසිය පැවසුවේ මෙම අනතුරු ඊයේ (22) සිදුව ඇති බවය.

    ඒ අනුව ඊයේ දහවල් කාලයේ ඉලුප්පකඩවෛ පොලිස් වසමේ යාපනය මන්නාරම මාර්ගයේ කල්ලියඩි ප්‍රදේශයේදී මන්නාරම දෙස සිට යාපනය දෙසට ධාවනය වූ යතුරුපැදියක් ඊට ඉදිරියෙන් ධාවනය වූ බස් රථයකට ඉස්සර කිරීමට යාමේදී පැදිකරුට පාලනය කරගත නොහැකිව අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් පැදිකරු හා පසු පැදිකරු බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පැදිකරු මියගොස් ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 45ක් වූ ඉලෙයිවාලි, යාපනය ප්‍රදේශයේ පදිංචි පියතුමෙකි.

    මුල්ලේරියාව පොලිස් වසමේ කඩුවෙල අංගොඩ මාර්ගයේ අංගොඩ මංසන්ධියේදී කඩුවෙල දෙස සිට අංගොඩ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගය මත පෙරලී අනතුරක් සිදුව තිබේ.

    එහිදී පැදිකරු බරපතල තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

    මියගොස් ඇත්තේ අවුරුදු 37ක් වූ ගොතටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර ඊයේ සවස් කාලයේදී ත්‍රිකුණාමලය දඹුල්ල මාර්ගයේ දඹුල්ල නගරයේදී හබරණ දෙස සිට දඹුල්ල දෙසට ධාවනය වූ වැලි පටවා ගත් ටිපර් රථයක් මාර්ගය හරහා ගමන් කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික පුද්ගලයා ජීවිතක්ෂයට පත්ව ඇති අතර එලෙස මියගොස් ඇත්තේ අවුරුදු 56ක් වූ දඹුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    කොඩිකාමම් පොලිස් වසමේ කච්චායි කොඩිකාමම් මාර්ගයේ කච්චායි උතුරු පළමු හරස් වීදිය අසලදී කච්චායි කොඩිකාමම් දෙසට ධාවනය වූ ට්‍රැක්ටර් රථයක් එම දිසාවටම ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුරක් සිදුව තිබේ.

    අනතුරින් පැදිකරු හා පසුපැදිකාරිය බරපතළ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර එහිදී පසුපැදිකාරිය ජීවිතක්ෂයට පත්ව ඇත.

    මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 46ක් වූ මිරුසුවිල් ප්‍රදේශයේ පදිංචිකාරියකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.