විශ්‍රාම වැටුප් ඇතුළු ගැටළු කිහිපයක් මූලික කරගනිමින් විශ්‍රාමික ආබාධිත රණවිරුවන් විසින් ලබන (24)වන දා කොළඹදී දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට කටයුකු කර ඇති බවට රණවිරු අයිතිවාසිකම් සුරැකීමෙි ජාතික සංවිධානයේ ලේකම් නිශාන්ත හේරත් මහතා සදහන් කරයි.
මෙම ගැටලුව විසඳා ගැනීමට බලධාරීන් සමග සාකච්ඡා පවත්වා මසක පමණ කාලයක් ගතවී තිබෙන බවත් මේ වන තෙක් සාධනීය විසදුමක් නොලැබීම හේතුවෙන් නැවතත් කොළඹට පැම්ණීමට කටයුතු කරන බවට සදහන් කරයි.