Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්
    Featured

    2026 ට අදාළ සමස්ත පාසල් නිල ඇඳුම් ප්‍රමාණයම චීනයෙන්

    By LFNSeptember 12, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    රජයේ හා රජයේ ආධාර ලබන පාසල් සිසුන් 4,418,404ක් සඳහා 2026 වර්ෂයට නියමිත සමස්ත නිල ඇඳුම් ප්‍රමාණයම ප්‍රදානයක් ලෙස ලබාදීමට චීන රජයේ එකඟ වී ඇත.

    ඊට අදාළ එකඟතා සහතික හුවමාරු කිරීමේ නිල උත්සවය ඊයේ (11) බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේ දී පැවැත්වුණි.

    අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න, චීන තානාපති Qi Zhenhong යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙය පැවැත්විණි.

    එහිදී 2026 වර්ෂයට අදාළ නිල ඇඳුම් ලබාදීමට එකඟතාව පළකළ සහතිකය හුවමාරු කිරීම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව මහතා සහ චීන නානාපති Qi Zhenhong මහතා අතර සිදු විය.

    එහිදී අදහස් දැක්වූ අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා,

    “2025 වර්ෂය සඳහා ද චීනය රෙදි මීටර් මිලියන 11.82ක් ශ්‍රී ලංකාවට ප්‍රදානය කළා. එමගින් සමස්ත ජාතික අවශ්‍යතාව ආවරණය වුණා වගේම රට පුරා සිසුන් මිලියන 4.6කට වැඩි පිරිසකට සෘජුවම ප්‍රතිලාභ සැලසුණා.

    රුපියල් බිලියන 5.17කට වඩා වටිනා මෙම දායකත්වය, ලාබාලතම සිසුවාගේ සිට ජාතික විභාග සඳහා සූදානම් වන ජ්‍යෙෂ්ඨ සිසුන් දක්වා සෑම දරුවෙකුටම ගෞරවයෙන් හා සමානාත්මතාවයෙන් යුතුව අධ්‍යාපනය හැදෑරීමට මඟ පෑදුවා.

    2026 වසර සඳහාද එවැනි ම දායකත්වයක් ලබාදීම අගය කළ යුතු වෙනවා” යනුවෙන් පැවසීය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.