නීතී විරෝධී ලෙස මෙරටට රැගෙන ආ පක්‍ෂීන් 91ක් රැගත් ඩිංගි යාත්‍රාවක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් සිය භාරයට ගෙන තිබේ.
ඒ මන්නාරම පේසාලේ සිරිතෝප්පු වෙරළ ප්‍රදේශයේ සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමක් මඟිනි.
එම යාත්‍රාව තුළ සිටියදී පරවියන් 72ක් සහ පොර කුකුළන් 19 දෙනෙක් නාවික හමුදාව විසින් සොයා ගෙන ඇත.
අදාළ සැකකරුවන් වයස අවුරුදු 17ක් සහ 52ක් වන පේසාලෙයි සහ මන්නාරම ප්‍රදේශයේ පදිංචිකරුවන් වේ.
එම සැකකරුවන්, ඩිංගි යාත්‍රාව සහ පක්‍ෂීන් ඉදිරි නීතිමය කටයුතු සඳහා පේසාලෙයි පොලිස් ස්ථානය වෙත භාරදීමට කටයුතු කර තිබේ.