Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර
    Featured

    නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

    By LFNSeptember 12, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය.

    එම පෙත්සම නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි.

    මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    පෙත්සමකාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු පෙත්සම ඉදිරිපත් කර තිබූ බවය.

    අදාළ විදුලි ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කර ඇත.

    වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විදුලි ගාස්තු මේ වනවිට ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කළේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

    පෙත්සම්කරු වැඩිදුරටත් කියා ඇත්තේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත්, එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බවය.

    ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

    සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදුකරන බව පෙන්වාදෙන පෙත්සම්කරු, එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කර ඇත.

    ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025

    වැලිගම නව සභාපතිට ඝන පූර්ණය හරස් වෙයි

    December 26, 2025

    අම්බලන්ගොඩ වෙඩිතැබීමට අදාළව 6ක් අත්අඩංගුවට

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202507 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.