Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 2026

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර
    Featured

    නාමල්ගේ විවාහ උත්සවයේ විදුලිබිල පිළිබඳ පෙත්සම විභාගයට අවසර

    By LFNSeptember 12, 2025No Comments2 Mins Read120 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ උත්සවයේදී භාවිතා කරන ලද විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් මිලියන 2කට අධික මුදලක් නිසි වේලාවට ලංකා විදුලිබල මණ්ඩලයට නොගෙවීම තුළින් මෙරට ජනතාවගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා නීතිඥවරයෙකු විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (11) අවසර ලබා දුන්නේය.

    එම පෙත්සම නීතිඥ විජිත කුමාර මහතා විසින් ගොනුකර තිබූ අතර, එහි වගඋත්තරකරුවන් ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ඇතුළුව පිරිසක් නම්කර තිබුණි.

    මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සූරසේන සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගේ සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවනු ලැබීය.

    පෙත්සමකාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි නීතීඥ වේරගොඩ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ නාමල් රාජපක්ෂ මහතාගේ විවාහ උත්සවය සඳහා සම්පාදනය කරනු ලැබූ විදුලිය වෙනුවෙන් ගෙවිය යුතු ගාස්තු නිසි වෙලාවට ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීම පැහැරහැරීම සම්බන්ධයෙන් පෙත්සම්කරු පෙත්සම ඉදිරිපත් කර තිබූ බවය.

    අදාළ විදුලි ගාස්තුව මේ වනවිට ගෙවා අවසන් කර ඇති බැවින් අදාළ ක්‍රියාව තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයෙන් ප්‍රකාශයක් පමණක් මෙම නඩුකරය තුළින් අපේක්ෂා කරන බවත් නීතිඥවරයා සඳහන් කර ඇත.

    වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනීසිටි නීතීඥවරු අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළ විදුලි ගාස්තු මේ වනවිට ගෙවා අවසන් කර තිබෙන බව සඳහන් කළේය.

    දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබා දුන්නේය.

    පෙත්සම්කරු වැඩිදුරටත් කියා ඇත්තේ හිටපු අමාත්‍ය නාමල් රාජපක්‍ෂ මහතාගේ විවාහ මංගල උත්සවයේදී පරිහරණය කරන ලද විදුලිය වෙනුවෙන් රුපියල් මිලියන 2කට අධික මුදලක් ලංකා විදුලිබල මණ්ඩලයට ගෙවීමට නියමිතව තිබුණත්, එම විදුලි ගාස්තු ගෙවා නොතිබූ බවය.

    ඉන් කලකට පසුව මෙම නඩුකරය ගොනු කිරීමෙන් අනතුරුව අදාළ විදුලිබිල ගෙවා දැමීමට කටයුතු කර තිබෙන බවත් ඔහු සඳහන් කළේය.

    සාමාන්‍ය මහජනතාවගේ කුඩා වටිනාකම්වලින් යුත් විදුලි බිල් පවා නිසි වෙලාවට නොගෙවූ බවට චෝදනා කරමින් ලංකා විදුලි බල මණ්ඩලය විදුලිය විසන්ධි කිරීම් සිදුකරන බව පෙන්වාදෙන පෙත්සම්කරු, එහෙත් මෙතරම් විශාල විදුලි ගාස්තුවක් නිසි වේලාවට අයකර ගැනීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු නොකිරීම බරපතළ වරදක් බවත් සඳහන් කර ඇත.

    ලංකා විදුලි බල මණ්ඩලයේ මෙම අසාමාන්‍ය ක්‍රියා කලාපය තුළින් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වීමක් සිදුවන බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා එම නීතිඥවරයා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ජාතික කලා භවනේ පෞරාණික සිතුවම් 42ක් අතුරුදන්

    May 21, 2026

    මඩකළපුව මහජන පුස්තකාල නව ගොඩනැගිල්ල ජනතා අයිතියට

    May 20, 2026

    රණවිරුවන් හැමදාමත් අපේ හදවත්තුළ අනුස්මරණීයයි – ජනපති

    May 19, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,440 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,392 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,597 Views
    Don't Miss

    2026 මෙතෙක් ලැබූ බදු ආදායම රුපියල් ට්‍රිලියනය පනී

    May 21, 202600 Views

    2026 මැයි 18 වන දින වන විට රුපියල් ට්‍රිලියනයකට අධික බදු ආදායමක් රැස් කර ඇති…

    අප්‍රේල් මාසයේ උද්ධමනය සියයට 4.7 දක්වා ඉහළට

    May 21, 2026

    කල් ඉකුත් වූ ඖෂධ අලෙවි කළ හපුතලේ ෆාමසියක් වටලයි

    May 21, 2026

    අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක ඇස්තමේන්තු මිල පරාසයන්

    May 21, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.