Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025

    මහින්දගේ නිල නිවසට උදේම ආ පිරිස

    September 11, 2025

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි
    Featured

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    By LFNSeptember 11, 2025No Comments2 Mins Read134 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.

    ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සාලිය ප්‍රසාද් නන්දසිරි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 23වනදා කැදවන ලෙසය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්, හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    නීතිඥ සඳරුවන් සේනානායක මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ, හිටපු දියවඩන නිලමේ වරයා වූ නිලංග දෑල මහතාගේ ධුර කාලය ඉකුත් 07 වන දිනෙන් අවසන් වූ බවය.

    ඉන් අනතුරුව විහාර හා දේවාලගම් පනතේ විධිවිධාන ප්‍රකාරව උභය පාර්ශවයේ විහාරාධිපතින්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩබලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

    හිටපු දියවඩන නිලමේ වරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් ඉදිරිපත් වී ඇති බව පෙන්වාදෙන පෙත්සම්කරු, එම වාතාවරණය හමුවේ ඔහු අදාළ ධුරයේ වැඩබැලීම සඳහා පත්කිරීම නීතියට පටහැනි බවත්, එය විහාර හා දේවාලගම් පනතේ විවිධානයන්ට පටහැනි බවත් ඔහු කියා සිටියේය.

    ඒ අනුව වගඋත්තරකාර හිටපු දියවඩන නිලමේවරයා අදාළ ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 2025

    මහින්දගේ නිල නිවසට උදේම ආ පිරිස

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,364 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,301 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,544 Views
    Don't Miss

    තේජමාන මහසිලු ඇතාත් යන්නම ගිහින්

    September 11, 20250121 Views

    බුත්තල සහ ඔක්කම්පිටිය යන ප්‍රදේශවල සැරිසරමින් සිටි මහසිලු නම් ඇතාගේ මළ සිරුර ඔක්කම්පිටිය ඉලුක්පිටිය ප්‍රදේශයේ…

    මහින්දගේ නිල නිවසට උදේම ආ පිරිස

    September 11, 2025

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    September 11, 2025

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    September 11, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.