Close Menu
Lanka Focus News
    What's Hot

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි
    Featured

    වැඩබලන දියවඩන නිලමේ පත්කිරීමට එරෙහි පෙත්සම සලකාබැලීමට දිනදෙයි

    By LFNSeptember 11, 2025No Comments2 Mins Read136 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ වැඩබලන නිලමේ ධුරය සඳහා හිටපු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා කටයුතුකිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකර තිබූ රිට් පෙත්සම සලකාබැලීම සඳහා මේ මස 23 වනදා කැදවන ලෙස අභියාචනාධිකරණය ඊයේ (10) නියෝග කළේය.

    ගම්පොළ ප්‍රදේශයේ පදිංචි සාලිය ප්‍රසාද් නන්දසිරි මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

    එම පෙත්සම අද අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබීය.

    එහිදී විනිසුරු මඩුල්ල නියෝග කළේ අදාළ පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා මේ මස 23වනදා කැදවන ලෙසය.

    මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස බෞද්ධ කටයුතු පිළිබඳ කොමසාරිස්, හිටපු දියවඩන නිලමේ නිලංග දෑල ඇතුළු පිරිසක් නම් කර තිබේ.

    නීතිඥ සඳරුවන් සේනානායක මහතා මාර්ගයෙන් ගොනුකර තිබෙන පෙත්සම තුළින් පෙත්සම්කරු කියා සිටින්නේ, හිටපු දියවඩන නිලමේ වරයා වූ නිලංග දෑල මහතාගේ ධුර කාලය ඉකුත් 07 වන දිනෙන් අවසන් වූ බවය.

    ඉන් අනතුරුව විහාර හා දේවාලගම් පනතේ විධිවිධාන ප්‍රකාරව උභය පාර්ශවයේ විහාරාධිපතින්ගේ ඉල්ලීම පරිදි යළිත් වැඩබලන දියවඩන නිලමේ වශයෙන් නිලංග දෑල මහතා පත්කිරීමට බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා කටයුතු කර තිබෙන බවත් පෙත්සමේ සඳහන් වේ.

    හිටපු දියවඩන නිලමේ වරයාට එරෙහිව විවිධ දූෂණ සහ අක්‍රමිකතා චෝදනා රැසක් ඉදිරිපත් වී ඇති බව පෙන්වාදෙන පෙත්සම්කරු, එම වාතාවරණය හමුවේ ඔහු අදාළ ධුරයේ වැඩබැලීම සඳහා පත්කිරීම නීතියට පටහැනි බවත්, එය විහාර හා දේවාලගම් පනතේ විවිධානයන්ට පටහැනි බවත් ඔහු කියා සිටියේය.

    ඒ අනුව වගඋත්තරකාර හිටපු දියවඩන නිලමේවරයා අදාළ ධුරයේ කටයුතු කිරීම වළක්වාලන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කරු ඉල්ලා සිටියි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 202602 Views

    දෙස් විදෙස් ඉස්ලාම් බැතිමතුන් ශුද්ධ වු මුහම්මද් නබි තුමන්ගේ ගුණ සිහිකරමින් උත්සවාකාරයෙන් අද එය සමරනු…

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026

    තෙවැනි රන්දෝලි පෙරහැර අද – රථ වාහන සැලැස්ම මෙන්න

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.