Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි
    Featured

    ඊශ්‍රායල් රැකියා සඳහා අයදුම්කිරීමට වෙබ් අඩවිය විවෘතයි

    By LFNSeptember 11, 2025No Comments2 Mins Read179 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඊශ්‍රායල් රාජ්‍යයේ ඉදිකිරීම් ක්ෂේත්‍රය යටතේ ක්‍රියාත්මක වන ප්‍රතිසංස්කරණ උප ක්ෂේත්‍රයට අදාළ හතරවන අදියර යටතේ රැකියා සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් කිරීමට අවස්ථාව ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.

    ඒ අනුව කාර්යාංශයේ www.slbfe.lk වෙබ් අඩවියට පිවිසීම මගින් අදාළ රැකියා සඳහා ලියාපදිංචි විය හැකි අතර, ඒ සඳහා 2025.09.14 දින තෙක් වෙබ් සබැදිය විවෘත කර ඇති බව දැනුම් දී තිබේ.

    අයදුම් කළ හැකි රැකියා කාණ්ඩයන් වන්නේ,

    *ප්‍රතිසංස්කරණ සිදුකරන්නන් (විදුලි පේනු සවිකිරීම, බිත්ති බැඳීම, පොටි ඇඳීම, පාර්ටිෂන්)

    *සෙරමික් ටයිල් අතුරන්නන්

    *කපරාදු , යන ඒවා වේ.

    මේ යටතේ අයදුම්කරුවන් 1,500 ක් බඳවා ගැනීමට නියමිතයි.

    මෙම රැකියා තෝරාගන්නා පුද්ගලයින්ට මාස 63ක කොන්ත්‍රාත් කාල සීමාවක් හිමිවේ.

    වයස අවුරුදු 25-45 අතර, මීට පෙර ඊශ්‍රායල් රාජ්‍යයේ සේවය කර නොමැති, අවම වශයෙන් 10 ශ්‍රේණිය සමත් පුද්ගලයින්ට මේ සඳහා අයදුම් කළ හැකි අතර, ඔවුන්ට තෝරාගන්නා රැකියා කාණ්ඩය සඳහා මනා දක්ෂතාවයක් හා පළපුරුද්දක් ලබා තිබිය යුතුය.

    මූලික පරීක්ෂණයකින් පසුව ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය (NAITA) යටතේ දිස්ත්‍රික් මධ්‍යස්ථානවලදී අයදුම්කරුවන්ගේ මූලික කුසලතා ඇගයීම් සිදුකරනු ලැබේ.

    ඉන් සමත්වන අයදුම්කරුවන් නැවත කටුබැද්ද ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු අධිකාරිය වෙත යොමුකරන අතර, එම පරීක්ෂණයෙන් සමත්වන අයදුම්කරුවන්ගේ නාම ලේඛනය ඊශ්‍රායලයේ PIBA ආයතනය වෙත ලොතරැයි ක්‍රමවේදයට ඇතුළත් කිරීම සඳහා යොමුකරනු ලැබේ.

    මෙම රැකියා ලබාගැනීම සඳහා කිසිඳු භාහිර පාර්ශවයකට මුදල් නොගෙවන ලෙසත්, එලෙස මුදල් ගෙවීම හෝ ලබාගැනීම නීතිවිරෝධී බවද කාර්යාංශය සඳහන් කරයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 202601 Views

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට…

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026

    ලක්ෂ 63ක දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.