Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට
    Featured

    වෙඩි තැබීම් දෙකකට සම්බන්ධ දෙදෙනෙක් අත්අඩංගුවට

    By LFNSeptember 11, 2025No Comments1 Min Read115 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    වෙඩි තැබීමේ සිද්ධීන් දෙකකට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකුව අත්අඩංගුවට ගෙන ඇති පොලීසිය පවසයි.

    පසුගිය 24 වනදා බොරලැස්ගමුව, මාලනී බුලත්සිංහල මාවතේදී ත්‍රිරෝද රථයකින් පැමිණි නාඳුනන පුද්ගලයෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් එක් සැකකරුවෙකු ඊයේ (10) අදෑසන අත්තිඩිය ප්‍රදේශයේදී බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරු වෙඩි තැබීමට පැමිණි ත්‍රිරෝද රථයේ රියදුරු බව පොලීසිය පවසයි.

    ඔහු වයස අවුරුදු 22 ක් වන ගල්කිස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

    එමෙන්ම පසුගිය 22 වනදා බොරැල්ල, සීවලීපුර ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමට අධාර අනුබල දුන් සැකකරුවෙකුව ඊයේ දහවල් කාලයේ දී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

    සැකකරු ඊයේ රාගම, ලින්ටන් ක්‍රිඩාංගණය අසලදී පොලිස් විශේෂ කාර්ය බලකා බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් වැටලීමක් සිදුකර මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

    සැකකරු වයස අවුරුදු 17 ක් වන අරමංගොඩ, බුත්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මෙම සැකකරු සංවිධානාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගේ සමීපතමයෙකු බවට දැනට සිදු කරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.

    රාගම පොලීසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 2026

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    වසර 19කට පසු ඔස්ට්‍රේලියාවට එරෙහිව සිම්බාබ්වේට T20 ජයක්

    February 13, 20260120 Views

    විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අද (13) පැවති තරගයකදී සිම්බාබ්වේ හමුවේ ලකුණු 23ක පරාජයක් ලැබීමට…

    ජොන්ස්ටන් ඇතුළු පිරිස යළි රිමාන්ඩ්

    February 13, 2026

    හැඳුනුම්පත් තොරතුරු සම්බන්ධයෙන් සා.පෙළ විභාග අපේක්ෂකයින්ට විශේෂ දැනුම්දීමක්

    February 13, 2026

    මාදැල් ධීවරයින්ට ජනපති සමග සාකච්ඡාවක්

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.