Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි
    Featured

    බැකෝ සමන් සහ තැඹිලි ළහිරු රඳවාගෙන ප්‍රශ්න කරන බව පොලීසිය අධිකරණයට දැනුම්දෙයි

    By LFNSeptember 10, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගෙන මෙරටට රැගෙන විත් සිටින ප්‍රබල පාතාල කල්ලි නායකයින් දෙදෙනෙකු බව කියන “බැකෝ සමන්” සහ “තැඹිලි ළහිරු” යන අය ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කරන බව බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

    එම පොලිස් කොට්ඨාසය විසින් විමර්ශන පිළිබඳ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරමින් කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ඕෂද මිගාර මහරච්චි මහතා වෙත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තාවේ.

    ඒ අනුව අදාළ සැකකරුවන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක ලේකම්වරයාගෙන් ලබාගත් රැඳවුම් නියෝග මත කොළඹ වරාය පොලිසියේ රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව පොලීසිය දැනුම් දී තිබේ.

    ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා මෙම විමර්ශනවල ප්‍රගතිය දෙසැම්බර් 10 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් පොලීසියට නියෝග කළ බව වාර්තාවේ

    මේ අතර මුදල් විශුද්ධිකරණ සිද්ධියක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින “බැකෝ සමන්” නමැත්තාගේ බිරිඳගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවසර ලබා දුනි.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද මෝසමක් ඉදිරිපත් කරමින් මේ වනවිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බැකෝ සමන් නමැත්තාගේ බිරිඳවගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බව අධිකරණයට දැනුම් දුනි.

    ඉදිරිපත් වූ කරුණු සලකාබැලූ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා අදාළ සැකකාරියගෙන් ලබන සඳුදා ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පහසුකම් සලසාදෙන ලෙස බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.

    මුදල් විශුද්ධිකරණ චෝදනා සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.