Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – බිලිඳෙක්, සිසුවෙක් ඇතුළු 04ක් මරුට

    By LFNSeptember 10, 2025No Comments2 Mins Read127 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු හතරකින් මාස 11ක බිලිඳෙකු සහ පාසල් සිසුවෙකු ඇතුළු සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (09) එම අනතුරු සිදුව තිබුණේ පේරාදෙණිය, උඩුගම, කඩවත, රාගම සහ මාවතගම යන පොලිස් වසම්වලින්ය.

    මහනුවර – කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ 06 කණුව ප්‍රදේශයේදී වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ආරක්ෂිත බැම්මක හා විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් වෑන් රථයේ ගමන්කළ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු, කාන්තාවක් හා දරුවෙකු බරපතළ තුවාල ලබා මාවතගම රෝහලට ඇතුලත් කිරීමේදී දරුවා මියගොස් තිබේ.

    අනෙක් තුවාලකරුවන් වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.

    මරණකරු වයස මාස 11ක් වූ මාරලන්ද, මාවතගම ප්‍රදේශයේ පදිංචි පිරිමි දරුවෙකි.

    මේ අතර උඩුගම පොලිස් වසමේ උඩලමත්ත උඩුගම මාර්ගයේ උඩලමත්ත ප්‍රදේශයේදී උඩුගම දෙස සිට උඩලමත්ත දෙසට ධාවනය වූ යතුරුපැදියක් ප්‍රථිවිරුද්ධ දෙසින් පැමිණි ලොරි රථයක ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරුපැදිකරු බරපතළ තුවාල ලබා උඩුගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, ගෝනදෙනිය, උඩුගම ප්‍රදේශයේ පදිංචිව සිටි 15 හැවිරිදි පාසල් සිසුවෙකි.

    මේ අතර පේරාදෙණිය – කටුගස්තොට මාර්ගයේ ගන්නෝරුව ප්‍රදේශයේදී මෝටර් රථයක් මාර්ගය හරහා ගමන්කළ පදික පුද්ගලයෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදික පුද්ගලයා බරපතළ තුවාල ලබා පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.

    මරණකරු වයස අවුරුදු 57ක් වූ ගන්නෝරුව, පේරාදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    මේ අතර කොළඹ – නුවර ප්‍රධාන මාර්ගයේ කිරිල්ලවල ප්‍රදේශයේදී ප්‍රයිමුවර් රථයක් මාර්ගයෙන් ඉවතට ගොස් නවතා තිබූ ආපදා රථයක ගැටී අසල සිටි පදික පුද්ගලයින් දෙදෙනෙකුගේද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදික පුද්ගලයින් දෙදෙනා බරපතළ තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත් කිරීමේදි එක් පදිකයෙකු මියගොස් තිබෙ.

    අනෙක් පදික පුද්ගලයා වැඩිදුර ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර ඇත.

    මරණකරු වයස අවුරුදු 27 ක් වූ නැලිගම, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.