Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු
    Featured

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමට දුම්රිය මාර්ග දෙපසට සංඥා පුවරු

    By LFNSeptember 9, 2025No Comments2 Mins Read125 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වළක්වාලීම සඳහා කඩිනම් විසඳුම් ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීමේ අරමුණෙන් පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි, සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේ විශේෂ කමිටුවක් පත් කළ අතර එම කමිටුවේ නිර්දේශ මත පරිසර අමාත්‍යංශය සහ ඊට අනුබද්ධ ආයතන විසින් ප්‍රායෝගික විසඳුම් ක්‍රියාත්මක කිරීම ආරම්භ කර තිබේ.

    එහි පියවරක් වශයෙන් දුම්රිය රියදුරන්ගේ අවධානය සඳහා අලි ඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු දුම්රිය මාර්ග දෙපස සවි කිරීමට ද යෝජනා විය.

    ඒ අනුව පරිසර අමාත්‍යංශයේ ඉල්ලීම පරිදි අලි ඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු 147 ක ප්‍රමාණයක් Elephant Rescue Foundation ආයතනය විසින් නිර්මාණය කරන ලදුව එම පුවරු අද (9) දින පස්වරුවේ දුම්රිය දෙපාර්තමේන්තුව වෙත නිළ වශයෙන් ලබා දෙන ලදී.

    මෙම අවස්ථාව සඳහා ගරු පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා, පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සහ සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා මෙන් ම දුම්රිය දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් නිලධාරීහු ද සහභාගී වූහ.

    පාර්ලිමේන්තු කමිටුවෙන් ලබා දෙන ලද නිර්දේශ මත පරිසර සහ සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ සිදු කරන ලද නියමු පර්යේෂණවල විද්‍යාත්මක දත්ත වාර්තා පදනම්ව අලි ඇතුන් වැඩි වශයෙන් ගැවසෙන දුම්රිය මාර්ග හඳුනාගනිමින් සිවිල් ගුවන් සේවා හා මහාමාර්ග අමාත්‍යංශය සහ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා එක්ව පුවරු සවි කිරීමේ කටයුතු ඉදිරි දින කිහිපයේ දී සිදුකිරීමට නියමිතය.

    ඒ අනුව ගල්ඔය-ත්‍රිකුණාමලය, ගල්ඔය-මඩකලපුව, උතුරු සහ මන්නාරම දුම්රිය මාර්ග දෙපස මෙම අලි ඇතුන්ගේ ඡායාරූප සහිත සංඥා පුවරු සවි කිරීමට කටයුතු කරනු ඇත.

    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීම සඳහා ලංකාවේ පරිසරවේදීන් සහ පරිසර සංවිධාන විසින් විවිධ වූ යෝජනා ලබා දුන් අතර එම ඉල්ලීම්වලදී මෙම විසඳුම ද යෝජනා වී තිබුණි.

    විශේෂයෙන් රාත්‍රී කාලයේ දී ගමන් ගන්නා දුම්රිය මාර්ග දෙපස මෙම පුවරු සවි කිරීමෙන් දුම්රිය රියදුරන්ගේ ධාවනයේ දී අලි ඇතුන් ගැවසීමේ ස්ථාන පිළිබඳ පූර්ව දැනුවත්වීමක් සිදු වනු ඇත.
    ‍
    අලි ඇතුන් දුම්රියේ ගැටීම වැළැක්වීමේ විසඳුම් ලෙස වනජීවී නිලධාරීන් හා දුම්රිය රියදුරු නිලධාරීන් ඒකාබද්ධතාවයෙන් උතුරු හා මඩකලපු සහ වනාන්තර ආසන්නයෙන් ගමන් ගන්නා දුම්රියන්හි රාත්‍රී දුම්රිය වාරවලදී අලි ඇතුන් ගැටෙන තැන් පිළිබඳ අවධානයෙන් ගමන් කිරීම සඳහා දැනුවත් කිරීමටත්, ඒ සඳහා දුම්රිය රියදුරන් ඇතුළු කාර්ය මණ්ඩලය සඳහා නිසි පුහුණුවක් ලබා දීමටත්, මෙම කටයුත්ත සඳහා ස්වේච්ඡාවෙන් දායක විය හැකි පරිසර කණ්ඩායම් ඒකාබද්ධ කර ගැනීමේ ක්‍රියාමාර්ගත් ගෙන තිබේ.

    නොබෝ දිනක දී නියමු පර්යේෂණයක් ලෙස මාස දෙකක් ඇතුළත ආත්ර් සී ක්ලාක් අයතනයෙන් හඳුන්වා දුන් Thermal Camera වනඅලිඅලි වැඩපුර ගැවසෙන දුම්රිය මාර්ග ප්‍රදේශවල දුම්රිය කිහිපයක සවි කිරීමට කටයුතු කරනු ඇති බවද පරිසර අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කළේය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,618 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202603 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.