Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    By LFNSeptember 7, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (06) මෙම අනතුරු සිදුව තිබුණේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු පොලිස් වසම්වලදීය.

    මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් එම දිශාවටම පා පැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පාපැදිකරු හා එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේදී පාපැදිකරු මියගොස් තිබේ.3

    එලෙස මියගොස් ඇත්තේ, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර වෙල්ලාවලි – චවලකඩේ මාර්ගයේ චවලකඩේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කල පදිකයන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදිකයින් දෙදෙනා සහ යතුරුපැදිකරු තුවාල ලබා කල්මුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පදිකයකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පාන්ඩිරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර දළුපිටිය – රාගම මාර්ගයේ රාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදිකයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර මුලතිව් පරන්තන් – මාර්ගයේ උඩයාර්කට්ටුව ප්‍රදේශයේදී යතුරුපැදියක් දකුණු පසට ඇති අතුරු මාර්ගයකට හැරවීමේදී පසුපසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරුව ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරු පැදි දෙකෙහිම පැදිකරුවන් තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුළත් කිරීමේදී හැරවීමට ගිය යතුරු පැදියේ පැදිකරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මලියතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ගිනිඅවියක් සමග මෝටර් රථයක් හමුවූ සිද්ධියේ සුලමුල හෙළිවෙයි

    December 26, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,413 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,365 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,573 Views
    Don't Miss

    ඩග්ලස් දේවානන්දාට නිකුත් කර තිබූ තවත් ගිනි අවි සම්බන්ධව විමර්ශන

    December 28, 202505 Views

    අත්අඩංගුවට ගෙන සිටින හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතාට යුද හමුදාව විසින් නිකුත් කර ඇති තවත්…

    දිල්ලියේ වායු ගුණාත්මක තත්ත්වය ඉතා දුර්වල වෙයි

    December 28, 2025

    මත්තල ගොඩගන්න පෞද්ගලික සමාගම් වෙත පැවරීමේ යෝජනාවක්

    December 27, 2025

    ඩෙවින් හිම කුණාටුවෙන් අමෙරිකාවට බලපෑම්

    December 27, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.