Close Menu
Lanka Focus News
    What's Hot

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට
    Featured

    මාරක අනතුරු කිහිපයක් – සිව්දෙනෙක් මරුට

    By LFNSeptember 7, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ප්‍රදේශ කිහිපයක සිදුවූ රිය අනතුරු 04කින් තරුණයෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

    ඊයේ (06) මෙම අනතුරු සිදුව තිබුණේ මරදන්කඩවල, වෙල්ලාවලි, කඩවත සහ පුදුකුඩිඉරිප්පු පොලිස් වසම්වලදීය.

    මරදන්කඩවල පොලිස් වසමේ ඒ 11 මාර්ගයේ තවලන්හල්මිල්ලෑව හන්දියේදී මෝටර් රථයක් එම දිශාවටම පා පැදියක පසුපස ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පාපැදිකරු හා එහි ගමන් ගත් තවත් පුද්ගලයෙකු තුවාල ලබා මරදන්කඩවල රෝහලට ඇතුළත් කිරීමේදී පාපැදිකරු මියගොස් තිබේ.3

    එලෙස මියගොස් ඇත්තේ, මරදන්කඩවල ප්‍රදේශයේ පදිංචිව සිටි 37 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර වෙල්ලාවලි – චවලකඩේ මාර්ගයේ චවලකඩේ දෙසට ධාවනය වූ යතුරුපැදියක් පැදිකරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කල පදිකයන් දෙදෙනෙකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදිකයින් දෙදෙනා සහ යතුරුපැදිකරු තුවාල ලබා කල්මුණ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එක් පදිකයකු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, පාන්ඩිරුප්පු ප්‍රදේශයේ පදිංචිව සිටි 58 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර දළුපිටිය – රාගම මාර්ගයේ රාගම දෙසට ධාවනය වූ මෝටර් රථයක රියදුරුට පාලනය කරගත නොහැකිව මාර්ගයේ අයිනේ ගමන්කළ පදිකයකුගේ ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් පදිකයා තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කිරීමේදී මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, රම්බොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 51 හැවිරිදි පුද්ගලයෙකි.

    මේ අතර මුලතිව් පරන්තන් – මාර්ගයේ උඩයාර්කට්ටුව ප්‍රදේශයේදී යතුරුපැදියක් දකුණු පසට ඇති අතුරු මාර්ගයකට හැරවීමේදී පසුපසින් පැමිණි යතුරු පැදියක ගැටී අනතුරුව ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ද ගැටී අනතුරක් සිදුව ඇත.

    අනතුරින් යතුරු පැදි දෙකෙහිම පැදිකරුවන් තුවාල ලබා ධර්මපුරම් රෝහලට ඇතුළත් කිරීමේදී හැරවීමට ගිය යතුරු පැදියේ පැදිකරු මියගොස් තිබේ.

    එලෙස මියගොස් ඇත්තේ, මලියතිව් ප්‍රදේශයේ පදිංචිව සිටි 22 හැවිරිදි තරුණයෙකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 2026

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,479 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,429 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,629 Views
    Don't Miss

    ඥානසාර හිමි උදෙසා කොළඹට පැමිණි පාගමන ජනාධිපති ලේකම් කාර්යාලය දෙසට

    October 15, 202609 Views

    බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ…

    අදත් හවසට තද වැසි

    October 15, 2026

    මාරක අනතුරු කිහිපයක් – ජීවිත 5ක් අහිමි වෙයි

    October 14, 2026

    ඥානසාර හිමි උදෙසා කොළඹ බලා එන පාගමනේ තෙවන දිනය අද

    October 12, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.