Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ

    February 13, 2026

    ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

    February 13, 2026

    මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

    February 13, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට
    Featured

    පද්මේ ගෙන්වූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදන රසායනික ද්‍රව්‍ය ගැන තවත් තොරතුරු එළියට

    By LFNSeptember 6, 2025No Comments2 Mins Read124 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට භාවිත කරන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 50,000ක් පමණ මිද්දෙණිය, තලාව ප්‍රදේශයේ නිවසක වළදමා තිබියදී බස්නාහිර උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් ඊයේ (05) සොයාගනු ලැබීය.

    එම කොට්ඨාසය භාරයේ රඳවා සිටින බැකෝ සමන් නමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒවා සොයාගත් අතර කෙහෙල්බද්දර පද්මේ නමැත්තා විසින් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට අදාළ රසායනික ද්‍රව්‍ය මෙරටට ගෙන්වූ බවද ඔහු පවසා තිබේ.

    පොලිසිය පැවසුවේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන මන්ත්‍රීවරයෙක් හා ඔහුගේ සහෝදරයා අදාළ රසායනික ද්‍රව්‍ය සඟවා තබාගෙන සිට ඇති බවය.

    කෙහෙල්බද්දර පද්මේ අයිස් නිෂ්පාදනය කිරීම සඳහා නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ගෙන පාකිස්තානුවන් දෙදෙනෙකුද මෙරටට ගෙන්වා ඇති බව පසුගියදා පොලිසිය අනාවරණය කරගෙන තිබුණි.

    ඒ අනුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාරයේ පසුවන බැකෝ සමන් නැමැත්තාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී ඒ පිළිබඳව තහවුරු කරගැනීමට පොලිසියට හැකි විය.

    එහි ප්‍රතිඵලයක් ලෙස පසුගියදා බැකෝ සමන් හා තැඹිලි ලහිරු මිද්දෙණිය ප්‍රදේශයට රැගෙන ගොස් පොලිසිය විමර්ශන සිදුකරනු ලැබීය.

    එහිදී කිසිවක් සොයාගැනීමට නොහැකි වූ අතර තවදුරටත් සිදුකළ ප්‍රශ්න කිරීම් හමුවේ හෙළිවුණේ පද්මේ විසින් මෙරටට පාකිස්තානුවකු මාර්ගයෙන් කන්ටේනර් පෙට්ටි දෙකක රසායනික ද්‍රව්‍ය තොගයක් අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගෙන්වා ඇති බවය.

    අනතුරුව බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය භාර සහකාර පොලිස් අධිකාරී රොහාන් ඕලුගල හා එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අද දිනයේදි මිද්දෙණිය, තලාව ප්‍රදේශයට ගොස් එහි වූ ඉඩමක් පරීක්ෂා කළේය.

    එහිදී අදාළ ඉඩමේ වලදමා තිබූ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනයට ගන්නා අමුද්‍රව්‍ය තොගය සොයාගනු ලැබීය.

    පොලිසිය සිදුකළ විමර්ශනවලදී හෙළිවී ඇත්තේ බැකෝ සමන් ඒවා තම මිතුරන්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අඟුනුකොලපැලැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රීවරයෙකුට හා එම පක්ෂයෙන්ම මෙවර පළාත් පාලන මැතිවරණයට තරගවැදි පුද්ගලයෙකුට ලබාදී ඇති බවය.

    සහෝදරයින් වන ඔවුන් සම්පත් මනම්පේරි සහ පියල් මනම්පේරි නැමැත්තන් බව පොලිසිය පැවසුවේය.

    බැකෝ සමන් පසුගියදා මිද්දෙණියට රැගෙන ඒමෙන් පසුව බියවූ අදාළ සහෝදරයන් දෙදෙනා වෙනත් ස්ථානයක තිබූ රසායනික ද්‍රව්‍ය බූම් ට්‍රක් රථයක් යොදාගෙන මෙම ඉඩමට ගෙනැවිත් වළදමා ඇති බවට විමර්ශනවලදී හෙළිවී තිබේ.

    අද දිනයේදී එම ස්ථානයට කොන්ක්‍රීට් දැමීමට සූදානම්ව සිට ඇති බව ද පොලිසිය පැවසුවේය.

    මේ වන විට අදාළ සොහොයුරන් දෙදෙනා ප්‍රදේශයෙන් පලාගොස් ඇත.

    මෙම රසායනද්‍රව්‍ය භාවිත කර අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 200ක් පමණ සැකසීමේ හැකියාව තිබූ අතර ඒවා අලෙවි කර රුපියල් බිලියන දෙකක් පමණ මුදලක් ඉපැයීමට හැකියාව තිබූ බවද පොලිසිය සඳහන් කළේය.

    සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් පරීක්ෂණ ක්‍රියාත්මකයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ

    February 13, 2026

    ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

    February 13, 2026

    මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

    February 13, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,419 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,373 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,581 Views
    Don't Miss

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන සේවා හා ආධාරක මාධ්‍යස්ථානය විවෘත කෙරේ

    February 13, 20260114 Views

    විද්‍යා හා තාක්ෂණ අමාත්‍යාංශයේ දෙවන “Harvest Centre” සේවා හා ආධාරක මධ්‍යස්ථානය රුහුණු විශ්ව විද්‍යාලයේ කෘෂි…

    ඔබේ ජංගම දුරකථනය අස්ථානගත වුණාද? සොරකම් කරාද? ගතයුතු ක්‍රියාමාර්ග මෙන්න

    February 13, 2026

    මත්ද්‍රව්‍ය සපයන්නන්ට එරෙහි නීති දැඩි කරන්න යයි

    February 13, 2026

    ප්‍රදේශ කිහිපයකට තරමක තද වැසි

    February 13, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.