Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර
    Featured

    විදේශයන්හිදී ආපදාවන්ට ලක්වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ දරුවන්ට ජනාධිපති අරමුදලෙන් ආධාර

    By LFNSeptember 4, 2025No Comments2 Mins Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    “කිසිවෙක් අධ්‍යාපනයෙන් මඟ නොහැරීම” යන සංකල්පය පෙරදැරි කර ගනිමින් ආපදාවලට මුහුණදෙන විදෙස්ගත ශ්‍රමිකයින්ගේ මෙරට සිටින දරුවන්ගේ අධ්‍යාපනය දිරිගැන්වීම සඳහා ජනාධිපති අරමුදලෙන් මූල්‍යාධාර ලබා දීමේ වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.

    ජනාධිපති අරමුදල, විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශය ඒකාබද්ධව මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට නියමිතය.

    විදේශගත සහ විදේශගත වීමට බලාපොරොත්තුවෙන් සිටින ශ්‍රී ලාංකිකයන් උදෙසා ජනාධිපති අරමුදලේ සේවා ව්‍යාප්ත කිරීම පිළිබඳ සාකච්ඡාවක් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්, ජනාධිපති අරමුදලේ ලේකම් රෝෂන් ගමගේ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (03) පස්වරුවේ පැවැත්විණි.

    විදේශ රටවලදී මිය යන, ආපදාවලට ලක්වන, සිරගත වන හෝ අතුරුදහන් වන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ මෙරට සිටින දරුවන්ගේ පාසල් අධ්‍යාපනය මෙන්ම, විශ්වවිද්‍යාල අධ්‍යාපනය සුරක්ෂිත කිරීම මෙම වැඩපිළිවෙළ මඟින් අපේක්ෂා කෙරේ.

    එසේම, විදේශගත වීමට සිටින තරුණ තරුණියන්හට විදේශ භාෂා හැදෑරීම සඳහා මූල්‍යාධාර ලබා දීම, භාෂා පුහුණු පාසල්වල සම්පත්දායකයින් වෙත මාසික දීමනාවක් ලබා දීම, විදේශ රැකියා සඳහා අවශ්‍ය වන නිපුණතා වර්ධනය සඳහා ග්‍රාමීය තරුණ තරුණියන්හට මූල්‍යාධාර ලබා දීම සහ ග්‍රාමීය ප්‍රදේශ කේන්ද්‍ර කර ගනිමින් සංචාරක කර්මාන්තයෙහි නියැළෙන නිපුණතා ශ්‍රමිකයින් බිහි කිරීම ආදිය මෙම වැඩපිළිවෙළෙහි අරමුණු වේ.

    විදේශ අමාත්‍යාංශයේ විදේශ රැකියා අංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී යාලේගම, ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝගල වික්‍රමසිංහ, ශ්‍රී ලංකා සංචාරක සහ හෝටල් කළමනාකරණ ආයතනයේ සභාපති ධීර හෙට්ටිආරච්චි යන මහත්වරුද, ජනාධිපති අරමුදලේ සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නිලධාරීහු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202600 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.