Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය
    Featured

    ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ආයතන වසා දැමීමට අනුමැතිය

    By LFNSeptember 4, 2025No Comments1 Min Read126 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත් ලෙස වසා දැමීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

    මහජන සේවා සැපයීම සහ උපායමාර්ගික ආර්ථික ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිරීම වැනි අරමුණු සාක්ෂාත් කර ගැනීම සඳහා කලකට පෙර පිහිටුවන ලද ඇතැම් රාජ්‍ය ව්‍යවසායයන් ඒවා පිහිටු වීමේ අරමුණු වර්තමානය සමඟ නොගැළපීම සහ වෙළෙඳපොළ අවශ්‍යතා සමග නොගැළපීම යන හේතූන් මත තවදුරටත් පවත්වාගෙන යාම ප්‍රායෝගික නොවීම සහ ඌන මූල්‍ය කාර්යසාධනය ආදී හේතු නිසා අක්‍රිය තත්ත්වයට පත්ව තිබේ.

    ජාතික ආර්ථිකයට හෝ රාජ්‍ය සේවා සැපයීමට අර්ථවත් දායකත්වයක් ලබා නොදෙන ව්‍යවස්ථාපිත ආයතන, රාජ්‍ය සංස්ථා හා රජය සතු සමාගම් වැනි විවිධ කාණ්ඩයන්ට අයත් රාජ්‍ය ව්‍යවසායයන් රජයට වැය බරක් වන පරිදි තවදුරටත් පවත්වාගෙන යාම වෙනුවට, එම ආයතන ඈවර කර වසා දැමීම යෝග්‍ය බවට හඳුනාගනු ලැබ ඇත.

    ඒ අනුව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සැලකිල්ලට ගෙන, එම අමාත්‍යාංශය යටතේ ස්ථාපිත කරනු ලබන විශේෂ ඈවර කිරීමේ ඒකකයක අධීක්ෂණය යටතේ දැනට ක්‍රියාකාරී මට්ටමේ නොමැති රාජ්‍ය ව්‍යවසායයන් 33ක් අදියර 02ක් යටතේ විධිමත්ව වසා දැමීමට අනුමැතිය හිමිව තිබේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 202601 Views

    හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට…

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026

    සාගරිකා පීලි පැනීමෙන් පසු දුම්රිය ධාවනය සිදුවන අයුරු

    April 24, 2026

    ලක්ෂ 63ක දුම්වැටි තොගයක් කටුනායකදී මාට්ටු

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.