Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු
    Featured

    ශිෂ්‍යත්ව ප්‍රතිඵල මත කඩඉම් ලකුණු

    By LFNSeptember 4, 2025No Comments2 Mins Read2,724 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මෙවර 2025 පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාග ප්‍රතිඵලවලට අනුව දිස්ත්‍රික් මට්ටමින් කඩඉම් ලකුණු සීමාවන් ද විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කර තිබේ.

    ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල, කෑගල්ල දිස්ත්‍රික් සදහා කඩඉම් ලකුණු සීමාව, සිංහල මාධ්‍ය 140ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 134ක් වේ.

    රත්නපුර දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 136ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    හම්බන්තොට දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 135ක් වන අතර දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වේ.

    බදුල්ල, මොනරාගල යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 134ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 132ක් වන අතර අම්පාර, ත්‍රිකුණාමලය, පුත්තලම, අනුරාධපුර, පොළොන්නරුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 133ක් සහ දෙමළ මාධ්‍ය ලකුණු සීමාව 131ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ සිංහල සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

    කිළිනොච්චිය, වව්නියාව, මුලතිව්, මඩකලපුව යන දිස්ත්‍රික්කවල සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 127ක් වන අතර දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 132ක් බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    මන්නාරම දිස්ත්‍රික්කයේ සිංහල මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 127ක් සහ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව 131ක් වන අතර යාපනය දිස්ත්‍රික්කයේ දෙමළ මාධ්‍ය කඩඉම් ලකුණු සීමාව ලකුණු 132ක් වේ.

    පසුගිය අගොස්තු මස 10 වන දින මෙවර ශිෂ්‍යත්ව විභාගය පැවති අතර ඒ සදහා අයදුම්කරුවන් 308,026ක් ඉල්ලුම් කර තිබුණි.

    එම අයදුම්කරුවන් අතරින් 303,670 දෙනෙකු මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටි අතර ඉන් සිසුන් 51,969 දෙනෙකු කඩඉම් ලකුණු සංඛ්‍යාව ඉක්මවා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවි වන www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙත පිවිස ලබාගත හැකි වේ.

    විභාග අයදුම්කරුවන්ගේ නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමෙන් ප්‍රතිඵල ලබාගත හැකි අතර අදාළ විභාග ප්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක් ලබාගැනීමට ද පහසුකම් සලසා ඇති බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

    විදුහල්පතිවරුන් වෙත ලබා දී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිත කර අද (04)දිනයේ සිට අදාළ පාසලේ විභාග ප්‍රතිඵල ලේඛන බාගත කරගැනීමට හැකි අතර අපේක්ෂකයින්ගේ කේවල සහතික පත්, අභියාචනා සලකා බැලීමෙන් පසු පාසල් වෙත තැපැල් මඟින් යොමුකිරීමට නියමිතය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.