ප්‍රදේශ දෙකක සිදුකළ වෙඩිතැබීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (02) මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීටියාගොඩ සහ බණ්ඩාරගම පොලිස් වසම්වලදී සිදුකළ වෙඩි තැබීමේ සිද්ධිවලට අදාළ සැකකරුවන්ය.
පෙරේදා (01) මීටියාගොඩ පොලිස් වසමේ මලවැන්න පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් අයෙක් අත්අඩංගුවට ගෙන ඇත.
ඊයේ (02) සවස් කාලයේ තලවකැලේ පොලිස් වසමේදී මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකා තලවකැලේ කඳවුරේ නිලධාරින් කණ්ඩායමක් විසින්ය.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 31 ක් වන ළිඳුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
මේ අතර අගෝස්තු 21 වන දින බණ්ඩාරගම පොලිස් වසමේ බොල්ගොඩ පාලම ආසන්නයේදී පුද්ගලයෙකුට වෙඩිතබා ඝාතනය කිරීමේ සිද්ධිට ආධාර අනුබල දුන් ඊයේ (02) අත්අඩංගුවට ගෙන තිබුණි.
මෙම සැකකරු පානදුර දකුණ පොලිස් වසමේ හිරණ ප්‍රදේශයේදී කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරින් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 23ක් වන හිරණ, පානදුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.