Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»පොල් හොරාට වෙඩි – තුවාලකරු රෝහලට
    Featured

    පොල් හොරාට වෙඩි – තුවාලකරු රෝහලට

    By LFNSeptember 2, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මාතලේ, කොහොළන්වල ප්‍රදේශයේ පොල් වත්තකට අනවසරෙන් ඇතුළු වී පොල් සොරකම් කරමින් සිටි පුද්ගලයෙකුට එම වත්තෙහි මුරකරු විසින් වෙඩිතැබීමක් සිදුකර ඇති අතර, තුවාලකරු මාතලේ දිස්ත්‍රික් මහා රෝහල වෙත ඇතුළත් කර ඇති බවය.

    අද (02) අලුයම අක්කර 20ක පමණ විශාල මෙම පොල් වත්තේ පොල් සොරකම් කිරීම සඳහා තුවාලකරු සහ තවත් පුද්ගලයෙකු ගොස් තිබේ.

    එම අවස්ථාවේ දී එම වත්තේ මුරකරු විසින් මෙම පුද්ගලයින් දෙසට වෙඩි ප්‍රහාර එල්ල කර ඇති අතර එහිදී එක් වෙඩිල්ලක් මොවුන් දෙදෙනාගෙන් එක් අයෙකුට වැදි ඇත.

    වෙඩි වැදුණද එම පුද්ගලයා මීටර් පන්සීයක් පමණ දිව ගොස් කොහොලන්වල ප්‍රධාන මාර්ගය අසල වැටී සිටියදී එම ප්‍රදේශවාසීන් විසින් ඔහු රෝහල්ගත කිරීමට කටයුතු කර තිබේ.

    මෙම වෙඩි වැදුණු පුද්ගලයා මීට පෙරද අවස්ථා ගණනාවකදී එම පොල් වත්තට ඇතුළු වී පොල් සොරකම් කරනු ලබන බවට මහවෙල පොලීසිය වෙත පැමිණිලි කර ඇති බව මහවෙල පොලීසිය පවසයි.

    සිද්ධිය සම්බන්ධයෙන් වත්තෙහි මුරකරු අත්අඩංගුවට ගෙන ඇත.

    එමෙන්ම, පොල් වත්තට අනවසරයෙන් ඇතුල් වී පොල් සොරකම් කිරීමට තැත් කළ අනෙක් සැකකරුද අත්අඩංගුවට ගැනීම සඳහා මහවෙල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබේ.

    අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු මහවෙල පොලීසිය මඟින් සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.