Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ජනපති අදත් උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක
    Featured

    ජනපති අදත් උතුරේ සංවර්ධන ව්‍යාපෘති රැසක

    By LFNSeptember 2, 2025No Comments2 Mins Read117 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දෙවන දිනටත් අද (02) දිනයේද උතුරු පළාතේ සංවර්ධන ව්‍යාපෘති රැසක වැඩ ආරම්භ කිරීම ඇතුළු වැඩසටහන් කිහිපයකට එක් වීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

    ලෝක පොල් දින සැමරුමට සමගාමීව “රටම සරු කරයි නිරතුරු – කප්තුරු සවිය” උතුරේ පොල් ත්‍රිකෝණය දියත් කිරීමේ සමාරම්භක අවස්ථාව අද (02) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පුදුකුඩුඉරිප්පු නගරයේදී පැවැත්වෙන බව සඳහන් වේ.

    2025 වර්ෂයේ උතුරු පළාතේ අක්කර 16,000ක පොල් වගා කිරීමේ අරමුණින් මෙම වැඩසටහන ආරම්භ කෙරෙන අතර 2027 වර්ෂය වනවිට එම ප්‍රමාණය අක්කර 50, 000ක් දක්වා ඉහළ නැංවීමට නියමිතව ඇත.

    උතුරේ පළමු බීජ පොල් නිෂ්පාදන ඒකකය, පලෙයි නගරයේ ආරම්භ කිරීමද මේ හා සමගාමීව ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙන අතර පුදුකුඩුඉරිප්පු මධ්‍ය මහා විද්‍යාලය ඉදිරිපිට ඇති ප්‍රදේශයේ පොල් සංවර්ධන අධිකාරිය මගින් පවත්වන පොල් ආශ්‍රිත ප්‍රදර්ශනයද ජනාධිපතිවරයා අතින් විවෘත කිරීමට නියමිතය.

    මේ අතර මුලතිව් දිස්ත්‍රික්කයේ වට්ටුවාකල් පාලමේ ඉදිකිරීම් ආරම්භ කිරීමද අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ.

    පරන්තන් – කරච්චි – මුලතිව් මාර්ගයේ නන්දිකඩාල් කලපුව ආශ්‍රිතව පිහිටා ඇති මෙම පාලම මතින් දිනකට වාහන 3000 කට වඩා ගමන් කරන අතර දීර්ඝ කාලයක් තිස්සේ පාලම අලුත්වැඩියා නොකිරීම හේතුවෙන් මේ වන විට දැඩි අනාරක්ෂිත තත්ත්වයක පවතී.

    ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ එය මංතීරු 2කින් යුත් නව පාලමක් ලෙස සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන අතර රුපියල් බිලියන 1.4ක ජනතා බදු මුදල් යොදා ගනිමින් ව්‍යාපෘතිය ක්‍රියාත්මකය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 2025

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,385 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,332 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,560 Views
    Don't Miss

    ඩුබායි කුඩු දිලිනිගේ මත්ද්‍රව්‍ය බෙදාහරින යුවළක් හෙරොයින් සමග මාට්ටු

    November 3, 20250114 Views

    දැනට ඩුබායි රාජ්‍යයේ සිට මෙරට මත්කුඩු බෙදාහරින ‘ඩුබායි කුඩු දිලිනි’ නොහොත් ‘කැන්ඩි කුවීන්’ යන අන්වර්ථ…

    අලි රොෂාන්ගේ ඇප ඉල්ලීම විභාගයට දින දෙයි

    November 3, 2025

    රජරට සරසවියේ ආචාර්යවරුන්ගේ වැඩවර්ජනය තවදුරටත්

    November 3, 2025

    වැල්ලේ සාරංගගේ සමීපතමයෙකු වන සමපෝෂ නැමැත්තා අත්අඩංගුවට

    November 3, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.