Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්
    Featured

    ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් දැනුම්දීමක්

    By LFNSeptember 2, 2025No Comments1 Min Read119 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අධිකරණවල ගොඩගැසී පවතින නඩු භාණ්ඩ මේ වසරේ දෙසැම්බර් 31වන දිනට පෙර නිෂ්කාශනය කළයුතු බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී තිබේ.

    සියලුම දිසා විනිසුරුවරුන්, මහෙස්ත්‍රාත්වරුන් සහ මහාධිකරණ විනිසුරුවරුන් වෙත මෙම දැනුම් දීම සිදුකර ඇති බව වාර්තා වේ.

    අධිකරණවල ගොඩගැසී ඇති නඩු භාණ්ඩ සම්බන්ධයෙන් තොරතුරු රැස්කිරීම පසුගිය දිනවල සිදුවූ අතර ඒවා කඩිනමින් නිෂ්කාශනය කිරීමේ කටයුතු ආරම්භ කරන ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව විනිසුරුවරුන්ට දැනුම් දී තිබේ.

    අධිකරණවල පරිපාලනමය වගකීම පැවරී ඇති දිසා විනිසුරුවරු මහෙස්ත්‍රාත්වරු, මහාධිකරණ විනිශ්චයකාරවරුන් සහ අධිකරණවල සේවය කරනු ලබන අතිරේක දිසා විනිසුරුවරුන් මෙන්ම අතිරේක දිසා විනිසුරුවරුන් තමාගේ අධිකරණයේ පවතින නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීමේ සෘජු වගකීමට යටත් වන බව එම කොමිෂන් සභාව පෙන්වා දෙයි.

    එම නිෂ්කාශනය කටයුතු පිළිබඳව අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් ස්ථානීය නිෂ්කාශනයක් මගින් සොයාබැලීමට නියමිත අතර මාසිකව ප්‍රගති වාර්තාවක් යොමුකරන ලෙස ද සියලු විනිසුරුවරුන් වෙත අවධාරණය කර ඇති බව සඳහන් වේ.

    නඩු භාණ්ඩ පිළිබඳව නිවැරදි වාර්තා සැකසීම සහ නඩු භාණ්ඩ නිෂ්කාශනය කිරීම සියලු අධිකරණවල සමස්ත කාර්ය මණ්ඩලයේ පුද්ගලික සහ සාමූහික වගකීමක් වන අතර පවරණ රාජකාරී ඉටු නොකරන කාර්ය මණ්ඩලයේ සේවකයින් සම්බන්ධයෙන් දැඩිව කටයුතු කරන බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇත.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202602 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.