උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (01) ප.ව. 03.30 ට නිකුත් කරන ලද එම නිවේදනය 02 දිනය දක්වා වලංගු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත් සහ මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා විමසිලිමත්වන ලෙස එම නිවේදනයෙන් දැනුම් දී ඇත.
උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වලත් මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කල යුතු” මට්ටමක පැවතිය හැකි බවය.