Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්
    Featured

    රාජ්‍ය ආයතනවල භාවිතයට කැබ් රථ 2000ක් ආනයනයට සැලසුම්

    By LFNAugust 31, 2025No Comments2 Mins Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ලබන වසර මුලදී රාජ්‍ය ආයතන ප්‍රධානීන් සඳහා කැබ් රථ 2000ක් ගෙන්විමට ද සැලසුම් කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා පවසයි.

    ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ පළාත් සභා සහ පළාත් පාලන නියෝජ්‍ය අමාත්‍ය රුවන් සෙනරත් මහතා,

    “බිම්මට්ටමේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න නම් විශේෂයෙන්ම පළාත් පාලන ආයතන ප්‍රධානීන්ට ඒ ගම්මට්ටමට යන්න අවස්ථාව හදන්න ඕනේ. නිලධාරීන්ට යන්න එන්න අවස්ථාවක් හදන්න ඕනේ. වාහන ටික ඕනේ. යන්ත්‍රසූත්‍ර ටික ඕනේ ඒ නිසා අපි තීන්දුවක් ගත්තා නව රජය විසින් ලබන වසරේ පළාත් පාලන ආයතන තුළ විතරක් නෙමෙයි මේ රටේ සෑම ආයතනයකම ප්‍රධානීන්ට යන්න එන්න ප්‍රවාහන පහසුකම් සඳහා කැබ් රථ 2000ක් ලබන අවුරුද්දේ මුල් කාර්තුවේ ගෙන්වනවා. එතකොට ක්ෂේත්‍රවල යන නිලධාරීන්ට පහසුවෙන් යන්න පුළුවන්කම තිබෙයි. ඊළඟට පළාත් පාලන අයාතනවල වැඩ ටික ගම් මට්ටමේ ක්‍රියාත්මක වෙන කොට බෑකෝ යන්ත්‍රයක් වැනි යන්ත්‍ර ඕනේ. ඒ නිසා අපි දැනටමත් මුදල් වෙන්කරලා තිබුණා මේ අවුරුද්දේ සැලකිය යුතු ප්‍රමාණයක් ගේනවා. ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා මේ හැම පළාත් පාලන ආයතනයකටම මේ තිබෙන අවශ්‍යතා සම්පූර්ණ කරගන්න මූලික දේවල් ටික ලබාගන්න. එතකොට අපි හිතනවා රටේ සංවර්ධන කටයුතු ටික වේගයෙන් බිම්මට්ටමේ ක්‍රියාත්මක කරන්න පුළුවන්.”

    මේ අතර අක්‍රීයව පැවති පලාත් පාලන ආයතනවල කටයුතු සක්‍රීය කරමින් නව ව්‍යාපෘති රැසක් ආරම්භ කර ඇති බව පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය රුවන් සෙනරත් මහතා සඳහන් කළේය.

    ඔහු පවසන්නේ ග්‍රාමීය දුප්පත්කම තුරන් කිරීම සඳහා ද විවිධ ව්‍යාපෘති ආරම්භ කර ඇති බවය.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 2026

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,434 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,389 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,589 Views
    Don't Miss

    හැකර්වරුන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල අත්පත්කරගත් හැටි හෙළි වෙයි

    April 24, 202603 Views

    මහා භාණ්ඩාගාරයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක මුදල වංචනිකයන් අත්පත්කරගෙන ඇත්තේ විශ්වාසවන්ත පාර්ශ්වයක් ලෙස පෙනී සිට…

    රු.15,000ක අල්ලසක් ගත් කම්කරු නිලධාරියෙකුට සිරදඬුවම්

    April 24, 2026

    හිටපු ඇමති ජොන්ස්ටන්ට ඇප

    April 24, 2026

    බලංගොඩදී කාන්තාවක් ඝාතනය කෙරේ

    April 24, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.