Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

    September 1, 2025

    ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක් – පුද්ගලයින් 20ක් මරුට

    September 1, 2025

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    September 1, 2025
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට
    Featured

    මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට

    By LFNAugust 31, 2025No Comments1 Min Read122 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහල ශික්ෂණ රෝහලක් ලෙසද ප්‍රචලිතය.

    එහි වාට්ටු 80ක්, දැඩි සත්කාර ඒකක 11ක් සහ අනෙකුත් ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබේ.

    දිවයිනේ නන්දෙසින් පැමිණෙන විශාල රෝගීන් ප්‍රමාණයක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා මෙම රෝහල තවත් දියුණු කළ හැකිවුවත් ඊට බාධා මතුව ඇත.

    ඒ රෝහල සතු ඉඩම්වල පුද්ගලයින් අනවසරයෙන් පදිංචි වී සිටීම හේතුවෙනි.

    රෝහල සතු ඉඩම්වල නිවාස, වෙළෙඳසැල් සහ ගොඩනැගිලි ඉදිකර ඇති අතර තවදුරටත් එවැනි ඉදිකිරීම් ද ඉදිවෙමින් පවතියි.

    එවැනි තත්ත්වයක් තුළ රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී මතුව ඇත්තේ දැඩි දුෂ්කරතාවන් ය.

    එමෙන්ම වෙළෙඳසැල්, මල්ශාලා, යතුරුපැදි ගාල්කිරීම නිසා මහනුවර ජාතික රෝහලට පිවිසෙන මාර්ගය පවා අවහිර වී තිබේ.

    ඒ හේතුවෙන් සිදුව ඇත්තේ අසාධ්‍ය රෝගියෙකු කඩිනමින් රෝහල වෙත රැගෙන ඒමට පවා නොහැකි තත්ත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    September 1, 2025

    වෙන්නප්පුවේ වෙඩි තැබීමට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    September 1, 2025

    රාජ්‍ය ආයතනවල ගොඩගැසී ඇති අනවශ්‍ය දෑ ඉවත් කිරීමට විශේෂ වැඩපිළිවෙලක්

    September 1, 2025
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,354 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,286 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,539 Views
    Don't Miss

    තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට

    September 1, 20250119 Views

    සිම්බාබ්වේ කණ්ඩායම සමඟ හරාරේ ක්‍රීඩාංගණයේ ඊයේ (31) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගයේ ජයත් හිමිකර ගැනීමට…

    ඇෆ්ගනිස්ථානයට ප්‍රබල භූ කම්පනයක් – පුද්ගලයින් 20ක් මරුට

    September 1, 2025

    ඉන්ධන මිල සංශෝධනය වෙයි

    September 1, 2025

    වෙන්නප්පුවේ වෙඩි තැබීමට තවත් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

    September 1, 2025
    Facebook Twitter YouTube
    All rights received © 2025 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.