Lanka Focus News

    Subscribe to Updates

    Get the latest creative news from FooBar about art, design and business.

    What's Hot

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Facebook Twitter Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට
    Featured

    මහනුවර ජාතික රෝහලේ අක්කර 28ක් අනවසර පදිංචිකරුවන්ගේ ග්‍රහනයට

    By LFNAugust 31, 2025No Comments1 Min Read123 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    මහනුවර ජාතික රෝහල සතු ඉඩම් අක්කර 58න් අක්කර 28ක්ම අනවසර පදිංචිකරුවන් අත්පත්කරගෙන ඇතැයි එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ඉරේෂා ප්‍රනාන්දු මහත්මිය පවසයි.

    මෙම ඉඩම්වල ගොඩනැගිලි ඉදිකිරීම දිගින් දිගටම සිදුවන අතර ඒ හේතුවෙන් රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී දැඩි දුෂ්කරතා මතුව ඇති බව ඇය සඳහන් කළේය.

    ශ්‍රී ලංකාවේ දෙවැනි ප්‍රධානතම ජාතික රෝහල වන මහනුවර ජාතික රෝහල ශික්ෂණ රෝහලක් ලෙසද ප්‍රචලිතය.

    එහි වාට්ටු 80ක්, දැඩි සත්කාර ඒකක 11ක් සහ අනෙකුත් ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබේ.

    දිවයිනේ නන්දෙසින් පැමිණෙන විශාල රෝගීන් ප්‍රමාණයක් දෛනිකව ප්‍රතිකාර ලබාගන්නා මෙම රෝහල තවත් දියුණු කළ හැකිවුවත් ඊට බාධා මතුව ඇත.

    ඒ රෝහල සතු ඉඩම්වල පුද්ගලයින් අනවසරයෙන් පදිංචි වී සිටීම හේතුවෙනි.

    රෝහල සතු ඉඩම්වල නිවාස, වෙළෙඳසැල් සහ ගොඩනැගිලි ඉදිකර ඇති අතර තවදුරටත් එවැනි ඉදිකිරීම් ද ඉදිවෙමින් පවතියි.

    එවැනි තත්ත්වයක් තුළ රෝහල් කටයුතු පවත්වාගෙන යෑමේදී මතුව ඇත්තේ දැඩි දුෂ්කරතාවන් ය.

    එමෙන්ම වෙළෙඳසැල්, මල්ශාලා, යතුරුපැදි ගාල්කිරීම නිසා මහනුවර ජාතික රෝහලට පිවිසෙන මාර්ගය පවා අවහිර වී තිබේ.

    ඒ හේතුවෙන් සිදුව ඇත්තේ අසාධ්‍ය රෝගියෙකු කඩිනමින් රෝහල වෙත රැගෙන ඒමට පවා නොහැකි තත්ත්වයකි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 2026

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,450 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,407 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,610 Views
    Don't Miss

    පාකිස්තාන භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන්

    July 8, 202605 Views

    පාකිස්තාන ලියාපදිංචි භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයක් අතුරුදන් වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එක්සත්…

    කොදෙව්වන්ට වසර තුනකට පසු ටෙස්ට් තරගාවලි ජයක්

    July 8, 2026

    අයිස් එක්ක මාට්ටු වූ ආච්චි

    July 1, 2026

    ඩො.මි 2.5 අස්ථානගතවීමේ සිද්ධියේ වාර්තාව ඉදිරි සතියේදී පාර්ලිමේන්තුවට

    June 30, 2026
    Facebook Twitter YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.