Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»ආචාර්ය නන්දලාල් වීරසිංහට A ශ්‍රේණියේ ඇගයීමක්
    Featured

    ආචාර්ය නන්දලාල් වීරසිංහට A ශ්‍රේණියේ ඇගයීමක්

    By LFNAugust 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙවර ග්ලෝබල් ෆයිනෑන්ස් මහ බැංකුකරු (Global Finance’s Central Banker Report Cards 2025) ‘A’ශ්‍රේණියක් ලබාගැනීමට සමත්ව තිබේ.

    මෙම ඉහළම මට්ටමේ පිළිගැනීමත් සමග නන්දලාල් වීරසිංහ මහතාගේ නාමයද ලොව පුරා සිටින ගෞරවනීය ප්‍රභූ මහ බැංකු අධිපතිවරුන් අතරට එක්ව ඇත.

    ශ්‍රී ලංකාව මුහුණදුන් ආර්ථික අර්බුදයේ දී මෙරට ආර්ථිකය ස්ථාවර කිරීමට ඔහු දැක්වූ සුවිශේෂී දායකත්වය සහ උපායමාර්ගික දැනුම සැලකිල්ලට ගෙන ඔහුට මෙම ‘A’ශ්‍රේණිය ලබා දී තිබේ.

    මෙම ග්ලෝබල් ෆිනෑන්ස් වාර්ෂික මහ බැංකුකරු අධිපතිවරුන් ඇගැයීම 1994 සිට සිට සිදුකරන්නක් වන අතර, ඒ සඳහා ලොව ප්‍රධාන පෙළේ රටවල් 100කට ආසන්න මහ බැංකු අධිපතිවරුන් ඇගයීම සිදුකරනු ලබයි.

    උද්ධමනය පාලනය, ආර්ථික වර්ධන ඉලක්ක, මුදල් ස්ථාවරත්වය, පොලී අනුපාත කලමනාකරණය සහ දේශපාලන ස්වාධීනත්වය වැනි ක්ෂේත්‍රවල සාර්ථකත්වය මත ‘A+’ සිට ‘F’දක්වා වූ කාණ්ඩ යටතේ මෙලෙස ලොව පුරා සිටින මහ බැංකු අධිපතිවරුගේ සාර්ථකත්වය සහ අසාර්ථකත්වය මනිනු ලැබේ.

    විවිධ ශ්‍රේණි යටතේ ඇගැයීමට ලක් වූ මහබැංකු අධිපතිවරු

    A+ ශ්‍රේණිය

    ඩෙන්මාර්කය – ක්‍රිස්ටියන් කෙටෙල් තොම්සන්

    එක්සත් ජනපදය – ජෙරොම් හේඩන් පවෙල්

    වියට්නාමය – න්ගුයෙන් ති හොං

    A ශ්‍රේණිය

    චිලී – රොසැනා කොස්තා

    කොස්ටාරිකාව – රොජර් මැඩ්රිගල් ලෝපෙස්

    ඉන්දුනීසියාව – පෙරී වර්ජියෝ

    ජැමෙයිකාව – රිචඩ් බයිල්ස්

    කෙන්යාව – කමාවු තුගේ

    මොරොක්කෝව – අබ්දෙල්ලතිෆ් ජුවාහ්රි

    පැරගුවේ – කාලෝස් කාර්වාලෝ ස්පාල්ඩින්

    පේරු – ජූලියෝ වෙලාර්ඩ් ෆ්ලෝරස්

    ශ්‍රී ලංකාව – නන්දලාල් වීරසිංහ

    A- ශ්‍රේණිය

    කාම්බෝජය – චී සෙරේ

    චෙක් ජනරජය – ඇලෙස් මිචල්

    ඩොමිනිකන් ජනරජය – හෙක්ටර් වැල්ඩෙස් ඇල්බිසු

    ඊජිප්තුව – හසන් අබ්දල්ලා

    ඉතියෝපියාව – මාමෝ මිහ්රෙටු

    යුරෝපීය සංගමය – ක්‍රිස්ටීන් ලගාඩ්

    ග්වාතමාලා – අල්වාරෝ ගොන්සාලෙස් රිචි

    මොන්ගෝලියාව – බයඩ්‍රන් ල්ඛග්වසුරේන්

    පිලිපීනය – එලි රෙමොලෝනා

    සර්බියාව – ජෝර්ගොවන්කා ටබකොවිච්

    සිංගප්පූරුව – චියා ඩර් ජියුන්

    දකුණු අප්‍රිකාව – ලෙසෙට්ජා කගන්යාගෝ

    තායිවානය – යැං චින්-ලෝන්ග්

    උගන්ඩාව – මයිකල් අටින්ගි-ඊගෝ

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.