Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»වරෙන්තු නිකුත් කර තිබෙන රාජිත අද අධිකරණයට
    Featured

    වරෙන්තු නිකුත් කර තිබෙන රාජිත අද අධිකරණයට

    By LFNAugust 29, 2025No Comments2 Mins Read121 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (29) අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතය.

    ඒ මහතාට අද අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය පසුගිය 20වැනිදා නොතිසි නිකුත් කර තිබුණි.

    අල්ලස් කොමිසම විසින් කළ ඉල්ලීමක් සලකාබැලීමෙන් අනතුරුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලි ජයතුංග මහත්මිය විසින් අපරාධ නඩු විධානසංග්‍රහයේ 60(1) වගන්තිය යටතේ ‘ප්‍රකාශනයක්’ නිකුත් කරමින් මෙම නොතීසිය නිකුත් කරනු ලැබීය.

    මේ අතර අත්අඩංගුවට ගැනීම සඳහා කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් තමන්ට එරෙහිව නිකුත් කර තිබෙන වරෙන්තුව ප්‍රතිශෝධනය කර අවලංගු කරන්නැයි ඉල්ලා රාජිත සේනාරත්න මහතා ඉදිරිපත් කළ ප්‍රතිශෝධන පෙත්සම විභාග කිරීමට කොළඹ මහාධිකරණය ඊයේ (28) තීරණය කළේය.

    ඒ අනුව පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර ඇති අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු නිලධාරීන්ට නොතිසි නිකුත් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබුණි.

    කෙසේ වෙතත් කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් සිය සේවාදායකයා වෙත නිකුත් කළ නොතිසියට අනුව ඔහු අනිවාර්යයෙන්ම අද දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින බැවින් ඔහු අත්අඩංගුවට ගැනීමට නිකුත් කර ඇති වරෙන්තුව අත්හිටුවීමේ අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස රාජිත සේනාරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතා සිදුකළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරිය නියෝගයක් ලබාදී නොමැත.

    නීතිමය ක්‍රියා පටිපාටියට පටහැනි ලෙස කිරින්ද ධීවර වරායේ වැලි කැණීම් ව්‍යාපෘතියක් කොරියානු සමාගමකට පැවරීම තුළින් 2012 වර්ෂයේ රජයට රුපියල් ලක්ෂ 262කට අධික පාඩුවක් සිදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් 2013 වසරේ ලැබුණු නිර්නාමික පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම විසින් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එරෙහිව මෙම විමර්ශනය සිදුකරනු ලබයි.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.