Close Menu
Lanka Focus News
    What's Hot

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Facebook X (Twitter) Instagram
    Lanka Focus News
    • Local News
    • Political
    • International
    • Business
    • Sport
    • Gossip
    Lanka Focus News
    Home»Featured»දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්
    Featured

    දුම්රිය ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දීමක්

    By LFNAugust 28, 2025No Comments2 Mins Read111 Views
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    Share
    Facebook Twitter LinkedIn Pinterest Email

    ශ්‍රී ලංකා දුම්රිය සේවය සඳහා ස්ථානාධිපතිවරු බඳවා ගැනීමේ දී ඒ සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයැදුම් කළ හැකි බව දන්වමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල වෙත යොමුකර තිබෙන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

    අදාළ තීරණය අභියෝගයට ලක් කරමින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදී ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥවරිය විසින් මෙම දැනුම් දීම සිදුකර ඇති බව අද දෙරණ අධිකරණ වාර්තාකරු පැවසුවේය.

    නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ නයනතාරා බාලපටබැඳි මහත්මිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් අදාළා ගැසට් නිවේදය සංශෝධනය කිරීම සඳහා එය අමාත්‍ය මණ්ඩලය වෙත යොමු කර ඇති බව සඳහන් කර තිබේ.

    එහි ප්‍රගතිය දැනුම්දීම සඳහා මෙම පෙත්සම වෙනත් දිනයක කැඳවන ලෙසත් රජයේ නීතිඥවරිය ඉල්ලා සිටියි.

    ඒ අනුව අදාළ පෙත්සම යළි ඔක්තෝබර් මස 30 වනදා කැඳවන ලෙස විනිසුරු මඩුල්ල නියෝග කර තිබේ.

    පෙත්සම්කාරියන් කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපතිවරු බදවා ගැනීම සඳහා ඉකුත්දා, නිකුත් කරන ලද ගැසට් නිවේදනය තුළින් අදාළ තනතුර සඳහා පිරිමි පුද්ගලයින්ට පමණක් අයදුම් කළ හැකි බවට දක්වා තිබූ බවය.

    මේ තුළින් සුදුසුකම්ලත් කාන්තාවන්ට එම තනතුරු සඳහා අයදුම් කිරීමට සහ තේරී පත්වීමට තිබෙන අවස්ථාව අහිමි කර තිබෙන බවත් ඔවුන් චෝදනා කර තිබේ.

    මේ තුළින් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බවට තීන්දුවක් ලබාදෙන ලෙසත් කාන්තාවන්ටද අයදුම් කළ හැකිවන පරිදි අදාළ ගැසට් නිවේදනය සංශෝධනය කරන ලෙස වගඋත්තරකාර දුම්රිය දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කරන ලෙසත් පෙත්සම්කාරියන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩිදුරටත් ඉල්ලා ඇති බව සඳහන් වේ.

    Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Email
    LFN

    Related Posts

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 2026

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026
    Top Posts

    බාස්මතී මිලේ වෙනසක් ?

    September 26, 20246,463 Views

    දහම් පාසල් සහතිකයටත් හොඳ රැකියා?

    August 9, 20255,418 Views

    මගෙන් නෙවෙයි රජයෙන් වන්දි ඉල්ලන්න – මෛත්‍රී

    December 6, 20223,619 Views
    Don't Miss

    කාලගුණයෙන් අවවාදාත්මක නිවේදනයක්

    August 26, 202606 Views

    කන්කසන්තුරය සිට මන්නාරම හරහා පුත්තලම දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා…

    මිලාද් උන් නබි උත්සවය අදයි

    August 26, 2026

    නව රාජ්‍ය තාන්ත්‍රිකයින් එකොළොස් දෙනෙකු ජනපතිට අක්තපත්‍ර භාර දෙති

    August 25, 2026

    ‘බස් ලලිත්’ CCIBයට රැගෙන යයි

    August 25, 2026
    Facebook X (Twitter) YouTube
    All rights received © 2026 Lanka Focus News.

    Type above and press Enter to search. Press Esc to cancel.